ට්‍රෑම්ප් කාර් ගිය මාර්ගය මෙය දැයි සැක!
කොළඹ
කොටුව ඕල්කට් මාවතේ දෙවැනි හරස් වීදිය අසල ප්‍රධාන
මාර්ගයේ අඩි අටක පමණ අබිරහස් ගිලාබැස්‌මක් (03
වැනිදා) සවස ඇතිවිය. වෙළෙඳසලක රූපවාහිනිය නරඹමින් සිටි
තරුණයකු පැවසුවේ ප්‍රධාන මාර්ගයේ අඩි දෙකක් පමණ වළක්
විවෘත වී තිබියදී එම ස්‌ථානයෙන් බස් රථයක් ගමන් කිරීම
නිසා වළ තරමක් විශාල වූ බවයි.
වළ විවෘත වීම දැනුම්දීමත් සමග පොලිසිය එම ස්‌ථානයට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි මන්තීරු දෙක එක් මන් තීරුවකට සීමාකර වළ විවෘතව තිබූ මන්තීරුව වසා දමන ලදී. මේ හේතුවෙන් (03 වැනිදා) සවස එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය.
වළ විවෘත වූ ස්‌ථානයට කොළඹ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් යොදා ගිලා බැසීමට ලක් වූ ස්‌ථානය පිළිසකර කිරීමට පරීක්‍ෂා කිරීමේදී වළ තුළ තුඹසක් ලෙස පැවතීම නිසා එය විවෘත කිරීමට පියවර ගනු ලැබූහ. එහිදී වළ අඩි අටක් පමණ විශාලව විවෘත වූ අතර පිළිසකර කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන නිලධාරියෙක් පැවසීය.
මෙම වළ ඇතිවීමට නිශ්චිත හේතුව (03 වැනිදා) සවස් වන විටත් සොයාගෙන නොතිබූ අතර ඇතැම් විට මෙම ගිලාබැස තිබෙන ස්‌ථානය වසර ගණනාවකට පෙර "ට්‍රෑම්ප් කාර්" ගමන් කළ මාර්ගය වැටී තිබෙන්නට ඇතැයිද එය පිළිසකර කර කලක් ගතවීම නිසා මාර්ගය මෙසේ ගිලාබැසීම ඇතිව තිබෙන බවට සැකකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment