Photobucket

Tuesday, January 1, 2013

පොලිස්‌ කොස්‌තාපල්වරයාට පහර දුන් කාන්තාවන් දෙදෙනාට ඇප

කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ජා-ඇල නගරයේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකුට මහජනයා ඉදිරියේ පහරදී අඩන්තේට්‌ටම් කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවූ එකම පවුලේ කතුන් දෙදෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් එA. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

පොලිසියට පහරදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ සැකකාරියන් වූයේ ජා-ඇල යක්‌කඩුවේ පදිංචිකරුවන් වන එච්. එA. දේවිකා තිසේරා සහ එච්. එA. නදීශානි පෙරේරා නමැති කතුන්ය. මෙම සැකකාරියන්ට එරෙහිව ජා-ඇල පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙම කතුන් සිය මෝටර් රථය පදික මාරුවට ආසන්නයේ නවතා ඇත. එම හේතුවෙන් එම ස්‌ථානයේ විශාල වාහන තදබදයක්‌ ඇතිවී තිබේ. එA අනුව රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා එම කතුන්ට රථය එම ස්‌ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට දැනුම් දුන් අවස්‌ථාවේ කතුන් විසින් පොලිස්‌ කොස්‌තාපල්වරයාට පහර දුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all