Photobucket

Wednesday, January 2, 2013

පොලිසියේ අමතර දීමනා තුන් ගුණයකින් වැඩි වේ

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අසූපන්දහසක් පොලිස් නිලධාරීන්ට පඩියට අමතරව මෙතෙක් ලැබූූ අමතර දීමනා ජනවාරි මාසයේ සිට තුන් ගුණයකින් වැඩිකර ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

1988 චක්‍රලේඛයක් මත පොලිස් නිලධාරීන්ට ගෙවූ එම දීමනා වසර 24 කට පසු සංශෝධනය කර මෙසේ ගෙවීම සිදු කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් පොලිස් නිලධාරීන්ට එම දීමනා මෙම මස සිටම ලබාදීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.

මාසික වේතනයට අමතරව පොලිස් නිලධාරීන්ට ගෙවන දුෂ්කර දීමනා, ගමන් වියදම් ඇතුළු දීමනා රැසක් මීට ඇතුළත් වෙයි. උදාහරණයක් වශයෙන් මේ දක්වා ගෙවූ දුෂ්කර දීමනාව රුපියල් හයසියයේ දීමනාව ජනවාරි මස සිට රුපියල් දෙදහස දක්වා වැඩිකර තිබේ.

දවසේ පැය 24 පුරා දැඩි කැපවීමකින් සේවය කරන පොලිස් නිලධාරීන්ට ගෙවූ එම දීමනා ස්ථිර සේවයේ පොලිස් නිලධාරීන්ට පමණක් නොව සේවය ස්ථිර නැතත් එම දීමනා ලබන සෑම පොලිස් නිලධාරියකුටම හිමිවෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all