Photobucket

Wednesday, January 2, 2013

නව අවුරුදු උදා වූ දා දළදා වැඳ පුදා ගන්න මහ සෙනඟක්

උදා වූ නව වසර නිමිත්තෙන් දළදා සමිඳු වැඳ පුදා ගැනීමට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන්  (01) අලුයම සිට දළදා මාළිගා පරිශ්‍රය පිරී ඉතිරී ගියේය.

දිවයිනේ නන් දෙසින් පැමිණි සුදු වතින් සැරසුණු දහස් සංඛ්‍යාත බැතිමතුන් දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් නව වසරට ආශීර්වාද ලබා ගැනීමේ නිරත විය. 

ඈත අතීතයේ පටන් සම්ප්‍රදායානුකූලව මෙරට බොහෝ ජනතාව නව වසර උදාවීමත් සමඟ අති උතුම් දළදා සමිඳු වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සිදු කෙරෙන මේ වනවිට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් පසුගිය වසර කිහිපයේ සිට මේ දක්වා වසරින් වසර එලෙස නව වසර උදාවීමත් සමඟ දළදා සමිඳු වැඳ පුදා ගැනීමට දළදා මාළිගයට වාර්ෂිකව පැමිණෙන බැතිමතුන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය අවට පිහිටි සතර මහා දේවාල සඳහා ද  (01) අලුයම සිට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all