Photobucket

Wednesday, January 2, 2013

නොදැක ඉන්න බෑ කියා රුවන් - ෂෙරිල්ගේ අත ගනී

තමන් තවත් දින තුනකින්, රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි “මාධ්‍ය කවුළුව”ට පැවැසීය. රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන  සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සමීපතම හිතවතුන් සහ කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද රුවන් හෙට්ටිආරච්චි සඳහන් කළේය.

“මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්‍ෂේත්‍රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.   

ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.” තමා සහ ෂෙරිල් අතර ප්‍රේම සම්බන්ධය, විවාහයක් දක්වා දුරදිග ගිය අයුරු රුවන් එසේ විස්තරය කළේය. 

මෑතකදී කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ රුවන් හෙට්ටිආරච්චිගේ ගීත අතරින්, රසිකයන් වඩාත් වැළඳගෙන තිබෙන ගීතය වන්නේ “නොදැක ඉන්න බෑ මට නම්” ගීතයයි. මාධ්‍යයන්ගෙන්ද නිරන්තරයෙන් කතා බහට ලක්වන රංගන ශිල්පිනියක බවට පත්ව සිටින ෂෙරිල්, ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තේ, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ  අමා ටෙලිනාට්‍යයේ “අමා” ගේ චරිතය හරහාය.

තමා සහ ෂෙරිල් අතරඵ විවාහ ගිවිස ගැනීම ලබන සෙනසුරාදා සමීපතමයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණද, යුග දිවියට පිවිසීම නිමිත්තෙන් පවත්වන විවාහ මංගලෝත්සවය වැඩිපිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා ඉහළින් පැවැත්වීමට සූදානමින් සිටින බව, රුවන් හෙට්ටිආරච්චි කියා සිටියේය. “අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,

ක්‍ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්‍ෂේත්‍රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ” රුවන් එසේ සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all