Photobucket

Tuesday, January 1, 2013

උල්කාපාත කොටස්‌ පරීක්‍ෂාවට යවයි සුවඳ බැලීමට ගිය කාන්තාව සිහිසුන්ව ඇදවැටිලා

මනම්පිටිය වෙල්යායට වැටුණු උල්කාපාත කොටස්‌ පරීක්‍ෂාවට යවයි සුවඳ බැලීමට ගිය කාන්තාව සිහිසුන්ව ඇදවැටිලා

දිඹුලාගල, මනම්පිටිය කුඩාවැව වෙල් යායට පසුගිය 29 දා කිසියම් එළියක්‌ සමඟ කඩාවැටුණු උල්කාපාත කොටස්‌ පරීක්‍ෂණය සඳහා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති අතුල සේනාරත්න මහතාට බාරදීමට අරලංගවිල පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී මහතා විසින් කටයුතු කර ඇත.

(31 දා) මෙම උල්කාපාත කොටස්‌ පරීක්‍ෂණ කටයුතු සඳහා මෙසේ බාරදී ඇත. මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ ගොවියකු විසින් බිමට වැටුණු උල්කාපාත කොටසක්‌ නිවසට රැගෙන ගොස්‌ ඇති අතර, ඔහුගේ අත පිළිස්‌සීමට පටන්ගෙන ඇති බවත්, ගොවියාගේ බිරිඳ උල්කාපාත කොටස අතට ගෙන සුවඳ බැලූ පසු ඇය සිහිසුන්ව වැටී ඇති බවත් පැවසේ. අහසින් වැටුණු දිලිසෙන පාෂාණ හෝ උල්කාපාත වැනි කිසියම් දෙයක්‌ නොඅල්ලන ලෙසත් ආරක්‍ෂාකාරී පියවරක්‌ අනුගමනය කරන ලෙසත් අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මහනජතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all