Photobucket

Tuesday, January 8, 2013

ගංවතුරට යට වූ සෝමාවතියෙන් පුරාවස්තු රැසක් මතුවෙයි

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමට නුදුරුව පිහිටි ගල්කැටිදමන ප්‍රදේශයේ පසුගියදා පැවති ගංවතුරින් යටවී තිබූ ස්ථානයකින් පුරාවස්තු රැසක් මතු වෙයි.

මැටිවලින් නිර්මාණය කළ ස්ත්‍රී පුරුෂ රූප සහ ස්ත්‍රීයකගේ නිරුවත් රුවක් ද මේ පුරාවස්තු වලට අයත් වේ.
පසුගියදා පැවැති ගංවතුරින් මේ ප්‍රදේශය දින ගණනාවක් ජලයෙන් යටවී තිබූ අතර එහි ජලය බැස ගිය පසු මේ පුරාවස්තු ගම්වැසියන්ට හමුවී තිබේ. 

මේ පුරාවස්තු පොළොන්නරුව යුගයටත් එහා කාලයක නිර්මාණය කොට ඇති බව පැවසෙන අතර ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට භාරදීමට කටයුතු කරන බව පොළොන්නරුව පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක යටියලගල උපතිස්ස හිමියෝ පැවසූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all