ලාහුගල, පානම, හුලංනුගේ සහ පොතුවිල් යන ප්‍රදේශවලට
(7 දා) දින සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිවාස රැසක්
ජලයෙන් යට වී තිබේ.
හැඩඔය පිටාර ගැලීම හේතුවෙන් පොතුවිල් - සියඹලාණ්‌ඩුව
මාර්ගයේ 10 කණුව ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙන අතර කරඳඔය
පිටාර ගැලීමෙන් ලාහුගල - පොතුවිල් මාර්ගයේ 3 කණුව ප්‍රදේශය
සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. විලඔය පිටාර ගැලීම නිසා
පානම - පොතුවිල් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
පානම පවුල් එකසිය පනහක් හා ලාහුගල පවුල් සියයක් අවතැන් වී ඇතැයි ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා කියයි. ලාහුගල ගම්මානය ජලයෙන් කොටු වී තිබීමෙන් දරුවන්ට පාසල් යැමට අපහසු වී ඇත. මේ නිසා ලාහුගල මහා විද්‍යාලය හා ලාහුගල පරණ ගොවිපළ විද්‍යාල දෙක තාවකාලිකව වසා දැමූ බව විදුහල්පතිවරු කියති.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්‌ව පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගෙන තිබිණි.
පොතුවිල්, පානම, ලාහුගල යන ප්‍රදේශවල පීදීමට ආසන්න ගොයම් අක්‌කර පන්දහසක් පමණ ජලයෙන් යට වී තිබේ. මෙලෙස දින කිහිපයක් ජලය කුඹුරුවල රැඳී තිබුණොත් ගොයම සම්පූර්ණයෙන් විනාශයට පත්වනු ඇතැයි ගොවියෝ බිය පළ කරති.

0 comments:
Post a Comment