Photobucket

Wednesday, January 9, 2013

මුඩු ඉඩම්වල නවීන තාක්ෂණයෙන් පොල් වගා කිරීමේ වැඩසටහනක්

ඊශ්‍රායල් තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ පොල් ඵලදායිතාව නංවාලීමට වගාකරුවන්ට කළමනාකරණය පිළිබඳ අවබෝධය ලබාදීමේ වැඩසටහනක් ඉන්දියානු සංචාරක වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය විසින් ආරම්භ කොට ඇත.

ඉන්දියාවේ වර්ෂාව ඉතාම අඩු තමිල්නාඩු ප්‍රාන්තයේ පවා ඉතාම සාර්ථක ලෙස පොල් වගාව සිදුවෙන අතර එක පොල් ගසකින් ලංකාවට වඩා තුන් ගුණයකින් ඵලදාව ලබා ගත හැකි බැව් වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය පවසයි.

ආර්ථික හා සමාජයීය අවශ්‍යතාවන් සඳහා පොල් ඉඩම් කට්ටි කර විකිණීම සඳහා තහනම් නියෝග පැනවීම ප්‍රායෝගික නොවන බවත් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට කළ යුතු එකම පිළියම් වගා නොකර ඇති හිස් ඉඩම් වගා කිරීම බවත් කර්මාන්ත සේවා කාර්යාංශය පවසයි.

2010 ඉන්දු ලංකා සංචාරයේදී ලබා ගත් අත්දැකීමක් විස්තර කළ නීලකාන්ත වන්නිනායක මහතා බිංදු ජලවහන පද්ධති මඟින් ඉතාමත් සාර්ථක ලෙස පොල් වගා කරන ප්‍රදේශ නැරඹීමට හැකිවූ බවත් මේ ක්‍රමය ඉතාමත් සරල ලෙස හා අඩු වියදමින් සිදුකළ හැකි බවත් ජලවහන පද්ධති පිළිබඳව අවබෝධයක් මේ සංචාරය හරහා ලබාදිය හැකි බවත් කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all