ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලයනල් මෙසී 2012 වසරේ ලොව දක්ෂතම
පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය.
ගෙවී ගිය වසරේදී ආර්ජන්ටිනාව හා බාසිලෝනා පාපන්දු කණ්ඩායම්වලට ක්‍රීඩා
කරමින් ගෝල් 91ක් රැස්කළ ලයනල් මෙසී ලොව දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පිට
පිට සිවුවැනි වතාවටත් හිමිකර ගත්තේය.
මෙයට පෙර තුන්වතාවක් මේ සම්මානය දිනා
ගැනීමට ප්‍රංශයේ සිනැඩින් සිඩෑන් හා බ්‍රසීලයේ රොනල්ඩෝ සමත්ව සිටියහ.
විසිපස් හැවිරිදි මෙසී ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස දැක්වු දක්ෂතා මත 41.60ක
ප්‍රතිශතයක් ලැබු අතර ඔහු සමග මේ සම්මේලනයට තරග කළ පෘතුගාලයේ රොනල්ඩෝ
23.68ක්ද, ස්පාඤ්ඤයේ ඇන්ඩාස් ඉනෙස්ටා 10.91ක ප්‍රතිශතයක්ද ලැබුහ.
ලොව හොඳම
පාපන්දු ක්‍රීඩකයා තේරීම සඳහා පාපන්දු පුහුණුකරුවන්, නායකයන් හා ආරාධිත
මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට අවස්ථාව හිමි විය.
ලොව හොඳම පාපන්දු
ක්‍රීඩකයන්ට වර්ණ ප්‍රදානය කිරීමේ රාත්‍රිය පෙරේදා සුරිච් හිදී ලෝක පාපන්දු
සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වුණි.
0 comments:
Post a Comment