හොරට දුම්සහතික ලබාගත් අය කොටුකර ගැනීමට ජංගම වායු විමෝචන වැඩ සටහන් රට පුරා
ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත්තමේන්තුව තීරණය කර ඇත.
එම වැඩසටහන සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර හතළිස් පහක් රුපියල් මිලියන පනහක වියදමකින්
මිල දී ගෙන ඇතැයි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ .ඩබ්ලිව්
දිසානායක මහතා පවසයි. මෙසේ මිල දී ගත් යන්ත්‍රසුත්‍ර ලබන සතියේ දිස්ත්‍රික්
කාර්යාලවලට බෙදා දී ජංගම වායු විමෝචන වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත. මෝටර්රථ
දෙපාර්තුමේන්තුව ,පොලිසිය , පරිසර අමාත්‍යාංශය හා පරිසර අධිකාරියේ
නිලධාරීන් එක්ව ජංගම වායු විමෝචන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
වාහන හිමිකරුවන් තම වාහනයේ දුම් සහතිකය හොරට ලබාගෙන ඇත්නම් ජංගම
දුම්පරීක්ෂාවේ දී අනිවාර්යයෙන්ම කොටුවන බවද දිසානායක මහතා පවසයි.
එසේ හසුවුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම තම වාහනය නිසියාකාර නඩත්තු කොට තම
ආයතනයට පෙන්විය යුතු වෙයි. දුම් සහතිකයක් ලබාගත් පමණින්ම වාහනය හොද ධාවන
තත්ත්වයේ නොතිබෙන බැවින් වාහන හිමිකරුවන් වාහනය නිසියාකාර නඩත්තු කලයුතු
බවද හේ පවසයි.
0 comments:
Post a Comment