Photobucket

Friday, January 11, 2013

මුදල් නෝට්ටු අච්චු ගහන ගෙන‍ා කඩදාසි තොගයක් රේගු දැලේ

රුපියල් හැත්තෑහය ලක්ෂ පනස් තුන් දහස් හත්සිය පනහක් වටිනා මුදල් මුද්‍රණය කරන විශේෂිත කඩදාසි තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙක් (10) ගුවන්තොටුපළ රේගු අත්අඩංගුවට පත්වූහ.

(10) අලුයම 3.30 පමණ සාජා සිට එයාර් ඇරබියා ගුවන් යානයකින් පැමිණි උගන්ඩා හා සියරාලියොන් ජාතිකයෝ දෙදෙනෙක් ළඟ තිබී මේ මුද්‍රණ කඩදාසි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති දොරටුව ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී සහකාර රේගු අධිකාරීවරුන් වන, එල්.කේ. යූ.ගාමිණී සහ කීර්ති අබේසේකර යන නිලධාරීන් සැකපිට පරීක්ෂා කිරීමේ දී මේ කඩදාසි තොගය සොයාගෙන ඇත. ගමන් මලුවල ඇඳුම් අතර ෆොටෝ කොපි කොළ බන්ඩල් තුනක් ලෙස මේ කඩදාසි තොගය සඟවා තිබූ බව රේගුව පවසයි. ගමන් මල්ලක තිබූ මුද්‍රා තබන ලද කවරයක කඩදාසි කීපයක අමෙරිකානු මුදල් නෝට්ටුවල ඡායා සටහන් තිබීම නිසා මේ කඩදාසි තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව රේගුව පවසයි.

ගුවන් තොටුපළේ වාණිජ බැංකුවකින් මේ කඩදාසි මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි බව තහවුරු කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.ආර්.සෙනෙවිරත්න හා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all