Photobucket

Friday, January 11, 2013

“හොරු රකින්න දෙන්නෙම නෑ” කියමින් දහස් ගණනක් පාර්ලිමේන්තු රවුමට එති

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දොශාභියෝග විවාදය මේ වනවිට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ තර්ක හා අභියෝග මැද්දේ පැවැත්වෙමින් තිබේ. අද එහි දෙවැනි දවසයි. අගවිනිසුරුවරියට එරෙහිව මෙම දොශාභියෝගය යටතේ චෝදනා දාහතරක් එල්ල කෙරිණ. එයින් චෝදනා පහක් විමර්ෂණයට භාජනය කළ අතර චෝදනා තුනකට ඇය වැරැදිකාරිය බව පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය. 

ඒ අනුව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින්   දෝශාභියෝග වාර්ථාව සභාගත කරන ලදි. ඒ අනුව මෙම විවාදය  (10) ආරම්භ කෙරිණ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරන ලද්දේ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ මහතා පැවසුවේ විපක්ෂය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරැදි විග්‍රහයන් කරමින් රටේ ජනතාව හා ජාත්‍යන්තරය නොමග යැවීමේ උත්සාහයක යෙදී සිටින බවයි. 

ඒ වගේ දේ සිදු කිරීමේ දී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සැබෑ ලෙසම තමන්ගේ යුතුකම් ඉටු කර තිබේදැයි සොයා බැලිය යුතු බව ඇමැතිවරයා පැවසුවේය. අගවිනිසුරුතුමිය සිය යුතුකම් ඉටු කරන විට තම වෘත්තීය ගරුත්වය,සේවාවේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමට බැඳී සිටින බව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය. මෙම විවාදය අවසානයේ (11) පස්වරු 6.30 දෝශාභියෝගය පිළිබඳ ඡන්දය පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව තුළ දෝශාභියෝග විවාදය පැවැත්වෙමින් තිබියදී පාර්ලිමේන්තු වටරවුම අභියස දහස් ගණන් ජනතාව ආණ්ඩුව සහයෝගය දක්වමින් “හොරු රකින්න දෙන්නෙම නැහැ” යැයි කියමින් අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all