දඹාන ආදිවාසීන් විසින් රැස්කර තබන ලද වියළි ඖෂධ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය
කිරීම සඳහා මිලදී ගත් බව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා
ප්‍රකාශ කරයි.
සභාපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ ඉකුත් සිකුරාදා (04) දින “දිනමිණ” පුවත්පතේ
“දඹාන හෙළ වෙද පියසේ ඖෂධ ලොරි දෙකක් පුස්කයි” යන සිරස්තලයෙන් පළ කර තිබූ
ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ආදිවාසීන් විසින් රැස්කර
තබන ලද නිෂ්පාදනයට යොදාගත හැකි වියළි ඖෂධ අප සංස්ථාව මඟින් දඹානට ගොස් මිලදී
ගත් අතර, අරළු, බුළු වැනි වියළි ඖෂධ වාර්ෂික අවශ්‍යතාව මත මිලදී ගෙන ඇති
අවස්ථාවක පවා අප සංස්ථාව ස¼¼රැික් එස ඖෂධ මිලදී ගත්තේ ආදිවාසීන් වැනි ජන
සංස්කෘතිය සුරැකීමේ ව්‍යාපෘතියේ එක් ක්‍රියාදාමයක් වශයෙන් යැයි ප්‍රකාශ
කළේය.
දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ
ලේකම්ගේ උපදෙස් මත ආදිවාසීන්ගෙන් වියළි ඖෂධ මිලදී ගැනීමට සංස්ථාව විසින් වැඩ
පිළිවෙළක් සකස් කරන ලද අතර ඒ අනුව එහි පළමු පියවර වශයෙන් පසු ගිය වර්ෂයේදී
ආදිවාසීන්ගේ දිනය වන අගෝස්තු 08 හා 09 යන දිනයන් හිදී ආදිවාසී නායක දඹානේ
වන්නිලැ ඇත්තන්ගේ මූලිකත්වයෙන් එම ගම්වල ජනතාව විසින් එකතු කළ වියළි ඖෂධ මිලදී
ගැනීමට කටයුතු කරන ලද අතර ඊට පසු කිහිප අවස්ථාවකදීම විටින් විට ඖෂධ මිලදී
ගැනීම සිදු කොට ඇත.
මෙම වැඩපිළිවෙළ අනුව සංස්ථාවේ ප්‍රධාන ඖෂධවේදිනිය ප්රමුඛ කණ්ඩායමක් එම
ස්ථානයට ගොස් වියළි ඖෂධ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනයට
සුදුසු ප්‍රමිතියෙන් යුත් වියළි ඖෂධ රු.ලක්ෂ අටකට ආසන්න මුදලක් වැය කොට අත්පිට
මුදලට ආදිවාසී නායකයතුමා හමු වී මිලදී ගෙන විටින් විට රැගෙන එන ලදී.
වාර්ෂික මිල ගණන් කැඳවා මිලදී ගැනීමේ කාර්යය පටිපාටිය අනුව ඇතැම් ඖෂධ මිලදී
ගැනීමට අසීරු වුවත්, එය අත්හල නොහැකි කටයුත්තක් සේ සලකා අනුමත ලියාපදිංචි
සැපයුම් කරුවන්ගෙන් වියළි ඖෂධ මිලදී ගැනීම සිදු නොකරන අවස්ථාවකදී අනුමත
ටෙන්ඩර් මිලට වඩා 10% මිල අඩුවෙන් වාර්ෂික අවශ්‍යතාවයෙන් 25%ක් බාහිර
සැපයුම්කරුවන්ගෙන් සංස්ථාව වෙත සැපයුම් කරන්නේ නම් මිලදී ගැනීමට සුදුසු බව
අධ්‍යක්ෂක මණ්ඩ තීරණයක් ගෙන ඇති අවස්ථාවකදී එම තීරණයට පරිබාහිරව ක්‍රියා
කොට අමාත්‍යාංශ ලේකම්ගේ හා අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ අනුමැතියක් මත වාර්ෂික
අනුමත ටෙන්ඩර මිලට මෙන්ම හා මී පැණි වැනි ඖෂධ අනුමත මිලට වඩා වැඩියෙන් වියදම්
කොට මිලදී ගත් අතර, වියළි ඖෂධ වාර්ෂික අවශ්‍යතාව සපුරන පරිදි තොග රැස්කර තිබෙන
අවස්ථාවකදී මෙන්ම පැරණි ගබඩා සංකීර්ණය කඩා නව ගබඩා සංකීර්ණයක් ඉදිකරන
අවස්ථාවක ගබඩා කිරීමේ අපහසුකම් මධ්‍යයේ වුවද ආදිවාසීන් සතුව තිබූ ඖෂධ මිලදී
ගැනීමට කටයුතු කරන්නේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහාය.
සමහර
අවස්ථාවලදී ඔවුන් සතුව තිබෙන බව දන්වන ලද ඇතැම් වියළි ඖෂධ බොහෝමයක් නොතිබුනු
අතර, ඇතැම් ඖෂධ නියමිත ප්‍රමිතියෙන් තොර ඒවා බැවින් මිලදී ගැනීම එම කණ්ඩායම
විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මේ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු වැඩිදුරටත් ඉටු කිරීම සඳහා සංස්ථාවේ
කළමනාකාර අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කර ඇති බවත් ඉන්පසුව
මේ වන තෙක් වියළි ඖෂධ රැස්කර ඇති බව හෝ ඒවා මිලදී ගැනීම සම්බන්ධයෙන් ආදිවාසීන්
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ සංස්ථාවේ නිලධාරීන් සමඟ කිසිදු
අයුරකින් සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මෙම
වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් හා
අනුමැතිය පරිදි ඖෂධ රැස්කර තබා ගැනීමේ ගැටලුව මධ්‍යයේ වුවද ක්‍රියා කිරීමට අප
කටයුතු කරන අතර වියළි ඖෂධ ඇත්නම් නොපමාව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්
දීමෙන් අනතුරුව ඖෂධ නිෂ්පාදනයට සුදුසු වියළි ඖෂධ මිලදී ගැනීමට කටයතු කළ හැකි
බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.
0 comments:
Post a Comment