Photobucket

Tuesday, January 8, 2013

පරිසරය සුරැකීමට ඇපකැප වන වාද්දුව මැදි විදුහලේ සිසු දරුවෝ

වාද්දුව මධ්‍ය විද්‍යාලයේ පරිසර ඒකකය නිසා කළුතර අධ්‍යාපන කලාපයේ සෙසු පාසල් අතරින් කැපී පෙනෙන මෙහෙවර රැසක් ඉටු කරමින්, ‘එස් 5’ ක්‍රමය යටතේ ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන මධ්‍ය විද්‍යාලයකි.

පොලිතින්වලින් සම්පූර්ණයෙන් තොර වූ පාරිසරික සංරක්ෂිත ආදර්ශවත් පාසලක් වශයෙන් ක්‍රියාත්මක වන වාද්දුව මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන්ට හෝ ගුරු භවතුන්ට හෝ පිටස්තරින් පැමිණෙන කිසිදු පුද්ගලයකුට පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, ජී පරිසර සංරක්ෂණය යටතේ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරන, පාරිසරික අධ්‍යාපනය භාරව කටයුතු කරන විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ගුරුවරියක වන තරංගා වීරසේකර මෙනෙවිය, විද්‍යාලයේ පරිසර ඒකකය මෙහෙයවන අතර, පසුගිය වසරේ ක්‍රියාත්මක වන ‘පරිසර කමිටුව‘ මඟින් මෙම වැඩසටහන් වඩාත්ම කාර්යක්‍ෂමව හා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all