බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ මෙල්බර්න් හී පැවැති තරගයක් අතරතුර දී
බටහිර ඉන්දියා කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් සමග උණුසුම් වාදයක පැටලුණු
ෂේන් වෝන්ට එක් තරග තහනමක් පැනවීමටත්, ඔස්ට්‍රේලියා ඩොලර් 4,500 ක
දඩමුදලකට යටත් කිරීමටත් බලධාරීහූ පියවර ගත්හ.
වෝන්ගේ නායකත්වයෙන් යුත්
මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමත්, රෙනෙගේඩ්ස් පිලත් අතර පැවැති මේ තරගයේදී වෝන්ගේ
පිලට ක්‍රීඩා කළ ඩේවිඩ් හසී ලකුණක් කරා දිවයන විට සැමුවෙල්ස් ඔහු තල්ලු කොට ඇත.
අනතුරුව රෙනෙගේඩ්ස් ඉනිමේ දී සැමුවෙල්ස් පිතිහරඹයේ නිරතවනවිට වෝන් ඔහු
ඉදිරියට පැමිණ අසභ්‍ය වදනින් ඔහුට බැණ වැදී තිබේ.
පසුව දෙදෙනා උණුසුම් වාදයක
පැටලුණු අතර විනිසුරුවරු මැදිහත්ව දෙදෙනා දෙපසට කළහ.
0 comments:
Post a Comment