Photobucket

Tuesday, January 8, 2013

සියල්ල ගංවතුරට ගසාගෙන ගියද“සැළමුතු සෙනෙහස”ඉතිරි විය

ඉතිහාසයේ ප්‍රථම වතාවට ගංවතුරක් පැමිණ හලාවත නගරය යටවී ගියේය.ඒ පසුගිය දෙසැම්බර් මාසයේදීය.මෙම ගංවතුරෙන් පවුල් රැසක් විවිධ පීඩාවන්ට පත් විය. එසේ පීඩාවට පත්වු පවුල් අතරින් එක් සුවිශේෂී යුවලක් පසුගියදා අපට හමු විය. මෙම පවුලේ ප්‍රධානියා ආර්.එම්.ගුණවංශ (59)මහතාය. ඔහු විශ්‍රාමික සංගීත ගුරුවරයෙකි.ඒ මහතාගේ බිරිඳ මාජි රත්නායක(52) මහත්මිය පෙර පාසල් ගුරුවරියක ලෙස කලක් සේවය කර ඇත. මෙම දෙදෙනාටම දෙනෙත් පෙනෙන්නේ නැත.ඒ නිසාම ඔවුන්ව අපි අන්ධ යුවලක් යැයි හැදින්වුවහොත් එහි වරදක්ද නැත.

ගුණවංශ මහතා හලාවත විජය මහා විදුහලේ හිටපු සංගිත ආචාර්ය වරයාය. මාජි රත්නායක මහත්මිය කලක් සර්වෝදය සංගමයේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කර ඇත.

මෙම ගුරු යුවල පදිංචිවී සිටින්නේ හලාවත නගරයට ආසන්නයෙන් පිහිටි මයික්කුලම ප්‍රදේශයේ ඊබට් සිල්වා වත්තේය.මෙම ප්‍රදේශයත් පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තර්ජනයට ලක් විය.ඒ නිසාම ගුණවංශ මහතා පදිංචි නිවසද ජලයට අසුවිය.නිවාස තුළටද ජලය ගලා ඒම නිසා ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා පැමිණ ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියේය.නමුත් ඔවුන්ගේ නිවස තවමත් ජලයෙන් යටවී ඇති බවක් එහි ගිය අපට දක්නට ලැබුණි. “මට පුංචි කාලේ බේතක් විෂ වෙලා තියනවා.ඒ හින්දා උපතින්ම ඇස් දෙක පෙණුම අඩුවෙනුයි තිබුනේ.අවුරුදු 13 ක් යන කොට පෙණුම නැත්තටම නැතිව ගියා.ගුණවංශ මහතා අප සමග කථා බහට එක් විය.මට පෙරදිග වගේම අපරදිග සංගිත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්.දැන් ඔය වතුරට යට වෙලා තියන ගේ හදා ගත්තෙත් හරි අමාරුවෙන්.අපිට පුත්තු දෙන්නෙක් ඉන්නවා.එක පුතෙක් පසුගිය මාසයේ රට ගියා.තවම පඩියක්වත් හම්භ වෙලා නෑ.එහෙ කොම්පැණියක ආරක්ෂක අංහයේ රැකියාවක් කරනවා කියලයි කිව්වේ.අනිත් පුතා විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ.එයාටත් ස්ථීර ආදායම් මාර්ගයක් නෑ. අපි දන්නෙම නෑ එක පාරටම වතුර ගලා ගෙන ආවා.

අපි දෙක්කම ගෙයි ඇඳ උඩට වෙලා හිටියා. ගවතුර පාර එන්න එන්නම වැඩි වෙනවා.ඒ අතර තුර තමයි ග්‍රාම සේවක මහත්තයා ඇවිත් අපිව එක්කර ගෙන ගියේ.මම කොයිකටත් මගේ සංගිත බඩු ටික අරගෙන ගියා.” මාජි රත්නායක මහත්මිය තම ස්වාමිපුරුෂයාගේ සෙවනැල්ල වැනිය.ඇය ඔහු අසලමය.නිතර විවිධ දේ ගැන අනතුරු අඟවමින් ප්‍රවේශම ගැන කථා කරන්නීය.ඇයද අප සමග කතා කළාය. “මටත් පුංචි කාළේ ඉදළම ටික ටික පේන්නේ නෑ.ඒ හින්දා අන්ධ විද්‍යාලයේ තමයි ඉගන ගත්තේ.එතනදි ඇති වුණ ප්‍රේම සම්බන්ධතාවයක් හින්දා තමයි විවාහය සිද්ධ වුනෙත්. මම කාලයක් සර්වෝදය ආයතනයේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කලා.

ඒත් අවුරුදු 35 ක් යන කොට මගේ ඇස් දෙක පේන්නෙම නැතිව ගියා.දැන් ටිකක්වත් පේන්නේ නෑ.මහත්තයාගේ විශ්‍රාම වැටුපෙන් තමයි අපි ජීවත් වෙන්නේ.දෙන්නටම පේන්නේ නැති නිසා තනිවම කිසිම දෙයක් කර ගන්න බෑ.අපි දෙන්නටම ඉදලා හිටලා පුංචි ආරාධනාවන් ලැබෙනවා.එතකොට දෙන්නම ගිහිං සින්දු කියලා එනවා.ඒ අය දෙන කීයක් හරි ගන්නවා මිසක අපි ගානක් කියන්නේ නෑ.”ඇය එක දිගටම කියා ගෙන ගියාය. කළක් මේ දෙදෙනාම දරු දැරියක් රැසගේ දෙනෙත් පැදුවාය.ඒ සුමියුරු සංගීතයද මුසු කරමිනි.නමුත් අද අසරණ තත්ත්වයට පත්වී ඇත.නමුත් ඔවුන් එකිනෙකාට එක නෙකා හැර යන්නේද නැත.ඒ ආදරය නිසාමය.ඔවුන්ගේ පුංචි ගෙපැලද ජලයෙන් යටවී ඇත. කළ හැක්කේ කුමක්ද?එකී පැනය අපි ඔබට බාර කරමු.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all