Photobucket

Tuesday, January 8, 2013

රෝගී අලින් මැරුවොත් බ්‍රිජට් බාඩෝ ප්‍රංශය අතහැර යෑමේ සූදානමක

ප්‍රංශ සත්වෝද්‍යානයක සිටින බේබි හා නේපාල් නමින් යුත් රෝගී අලි දෙදෙනකු මරා‍ දැමීමට ‍ගෙන ඇති තීන්දුව තාවකාලිකව කල් දමන ලෙස ඉල්ලමින් 200ක පමණ පිරිසක් පෙරේදා මිනිස් දම්වැලක් පවත්වා ඇති අතර අලි දෙදනා මරා දැමීමේ තීරණය මුළුමනින් ම ඉවත් කර නොගන්නේ නම් ප්‍රංශය අත්හැර රුසියාවට පිටුවහල් වන බවට සුප්‍රසිද්ධ සිනමා නිළි බ්‍රිජට් බාඩෝ තර්ජනය කර ති‍බේ.

ලියොන් නගරයේ 'ටෙටේ ඩෝ' සත්වෝද්‍යානයේ අලි දෙදෙනා රෝගීව වැතිර සිටින කූඩුව වට කර ගත් පිරිස 'අලින්ට යුක්තිය ඉටු කරමු ' යැයි හඬ නඟා තිබේ.

මේ අලි දෙදෙනා ක්ෂය රෝගයෙන් පෙළෙන බවත් ඔවුන්ගේ පැවැත්ම සෙසු සත්ත්වයන්ට මෙන්ම නරඹන්නන්ට ද තර්ජනයක් බවත් පැවැසේ. 

මේ නිසා නගර බලධාරින් විසින් පසුගිය මාසයේ ඔවුන් නින්දට පත්කර තිබුණේ නත්තල් මාසයේ ඔවුන් මරා දැමීම තාවකාලිකව අත්හිටුවමිනි.

එහෙත් බ්‍රිජට් බාඩෝ ඉකුත් සිකුරාදා පවසා තිබුණේ මේ තාවකාලික අත්හිටුවීම ස්ථිර අත්හිටුවිමක් බවට පත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තමා ප්‍රංශය හැර යන බවත්ය.

මේ අතර ප්‍රංශ බදු ඉහළ දැමිමට එරෙහිව තවත් සිනමා නළුවකු වන ජෙරාඩ් ඩිපාඩියු ද ප්‍රංශය හැර දමා රුසියාවේ පදිංචියට ගොස් ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all