Photobucket

Tuesday, January 8, 2013

හදිසි මරණ පරීක්‍ෂකවරුන්ට මාස පහකින් දීමනා ලැබී නෑ

හදිසි මරණ පරීක්‍ෂණ පැවැත්වීම වෙනුවෙන් හදිසි මරණ පරීක්‍ෂකවරුන්ට ලබාදෙන දීමනාව දැනට මාස පහක පමණ සිට ලබාදී නොමැති බැව් හදිසි මරණ පරීක්‍ෂකවරු පවසති.

හදිසි මරණ පරීක්‍ෂකවරුන්ට එක්‌ හදිසි මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම වෙනුවෙන් රුපියල් පන්සියයක දීමනාවක්‌ ලැබේ. ඉකුත් වසරේ (2012) අගෝස්‌තු මාසයෙන් පසු මේ දීමනාව ලබාදී නොමැති බැව් හදිසි මරණ පරික්‍ෂකවරු පෙන්වා දෙති.

දීමනාව නොලැබීම නිසා හදිසි මරණ පරීක්‍ෂකවරු ගැටලු රැසකට මුහුණදී සිටිති. පශ්චාත් මරණ පරික්‍ෂණ පවත්වන අධිකරණ වෛද්‍යවරුන්ටද මෙකී දීමනාව ලැබී නැති අතර මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all