Photobucket

Thursday, January 3, 2013

චෙක්පතක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

නිට්ටඹුව පොලිස් වසමේ පිහිටි ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් සමඟ දීර්ඝ කාලයක් ගනුදෙනු කරන ලද පුද්ගලයෙක් අවසාන වශයෙන් ආයතනයෙන් ලබාගත් රුපියල් අටලක්‍ෂ අනූ එක් දහස් හාරසිය අනූ එකක් වටිනා බඩු තොගයකට අගරු චෙක්පතක් ලබාදී සැඟවී සිටියදී ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අනුරාධපුරයේ දී පොලිස් භාරයට ගෙන තිබුණි.

නිට්ටඹුවේ ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදන ආයතන හිමිකරුවා ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස සේනානායක මහතා හමුවේ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පොලිස් භාරයට ගැනීමට සෙවීමේදී සැකකරු පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශයක සැඟවී සිටි හෙයින් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය අනුරාධපුර පොලිස් ස්ථානය හා එක්ව අදාළ බල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු අත්තනගල්ලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසුව අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වටිනා ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්‍ෂ දහයක් වටිනා නිශ්චල දේපොළක ඔප්පුවක් ඇප වශයෙන් තැබීමට නියම කළ අතර සැකකරුට එම අවස්ථාවේ දී ප්‍රමාණවත් ඇප ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයින් ඇප ඉදිරිපත් කරන තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all