ඔස්ට්‍රේලියා අගමැතිනි ජූලියා ගිලාඩ් හා ඇයගේ සහකරු ටිම් මැතීසන් සිඩ්නි නුවර
අගමැති නිල නිවස වන ‘කිරිබිලි’ නිවසේ දොරටු ඔස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රීඩකයන් වෙනුවෙන් විවෘත කළහ.
කිරිබිලි නිවසේ දොරටු මේ කණ්ඩායම් දෙකට (ජනවාරි 1 වැනිදා) විවෘත කරනු
ලැබුවේ වාර්ෂික සැඳෑ තේ පානය සඳහා ය. අගමැතිනිය විසින් මේ අවස්ථාව හඳුන්වනු
ලැබුවේ “බීමක් පානය කරමින් හොඳ වෙලාවක් ගත කිරීමේ දිනය..කණ්ඩායමට සුභ නව වසරක්
වේවා කියන අපේ ක්‍රමය” යනුවෙනි. ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින්, ශ්‍රී ලංකා
මහ කොමසාරිස් හා ලොව ඉහළම පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මේ
අවස්ථාවට එක්වූහ.
දේශපාලනඥයින් හා ක්‍රිකට් ක්‍රීඩකයන් සැහැල්ලු සිතින් යුතුව අලුත්
අවුරුද්දේ කතා හා ක්‍රිකට් පිළිබඳව කතාබහ කරද්දී ක්‍රීඩකයන්ගේ පුංචි දරු
දැරියෝ පාවහන් නොමැතිව කිලිබිලි නිවෙසේ තණකොල සහිත පිට්ටනියේ දුව පැන සෙල්ලම්
කළහ.
“ඔස්ට්‍රේලියානු ජීවිතයට ක්‍රිකට් කොච්චර වැදගත්ද කියනවා නම් එය සෑම
අවුරුද්දකම ගෙවී යාම අපි සනිටුහන් කරන එක ක්‍රමයකි” යැයි අගමැතිනිය එහිදී
කියා සිටියාය. ගෙවුනු වසර පුරා නියම ක්‍රමයට ක්‍රීඩා කෙරුණු තරගමාලාවන්හි
නියැලීම පිළිබඳව ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් මෙහිදී ශ්‍රී ලංකා නායක
මහේල ජයවර්ධන ට ස්තූතිය පළකර සිටියේය.
මහේල ද ඔහුගේ අදහස් දක්වමින්
ඔස්ට්‍රේලියානු පිතිකරු මයික් හසී සිඩ්නි තරගයෙන් පසුව ටෙස්ට් තරග බිමෙන්
සමුගැනීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අපහසුතාවට ලක්ව සිටින
බවත් ඊට හේතුව, මේ අන්තිම ටෙස්ට් තරගය හසී ට අමරණීය එකක් බවට පත් කිරීමට
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ උපරිම උත්සාහය ගැනීම බවත් ප්‍රකාශ කර
සිටියේය.
0 comments:
Post a Comment