සේදවත්ත
ප්‍රදේශයේ ගබඩාවක තිබූ වැලි මිශ්‍ර කරන ලද දුඹුරු සීනි
කිලෝග්‍රෑම් ලක්‍ෂ අටක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික
අධිකාරිය (08 වැනිදා) සමත් වී ඇත.
මෙම සීනි තොගය බ්‍රසීලයෙන් ආනයනය කර තිබූ අතර, එහි වටිනාකම
රුපියල් ලක්‍ෂ අටසියයක් පමණ වන බව සමුපකාර හා අභ්‍යන්තර
වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. ඇමැති ජොන්ස්‌ටන්
ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ වැටලීම්
අංශය එම වැලි මිශ්‍ර කරන ලද සීනි තොගය සොයා ගෙන ඇති අතර,
එය ඉකුත් 31 දා සොයා ගනු ලැබූ වැලි සහිත දුඹුරු සීනි
තොගයේම කොටසකි.
පරිභෝජනයට නුසුදුසු සීනි ගබඩා කළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් එම වැටලීම සිදුකර තිබේ.

0 comments:
Post a Comment