රජයේ නව බදු සංශෝධන හේතුවෙන් ගතවූ වසරේ නව වාහන ලියාපදිංචිවීම්
25% කින් පහත වැටී තිබේ.
ඒ අනුව 2011 වසරට සාපේක්‍ෂව 2012 වසරේ නව වාහන ලියාපදිංචිවීම් එක්‌ලක්‍ෂ විසිඅට දහස් එකසිය විසිහයකින් (128126) අඩුවී ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.
වර්ෂ 2011 දී ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව 525421 ක් වූ අතර 2012 වසරේදී ලියාපදිංචි කර ඇත්තේ වාහන 397295 ක් පමණි.
වැඩිම අඩුවීමක් සිදුවී ඇත්තේ යතුරුපැදි ලියාපදිංචියේය. එම අඩුවීම 61047 කි.
2011 වසරේ මෝටර් රථ 57886 ක් ලියාපදිංචි කර ඇති නමුත්, 2012 වසරේ ලියාපදිංචි කර ඇත්තේ මෝටර් රථ 26340 ක් පමණි.
ත්‍රිරෝද රථ, ලොරි, බස්, ට්‍රැක්‌ටර් ඇතුළු ඉඩම් වාහන ආදිය ද පසුගිය වසරේ ලියාපදිංචිය අනුව විශාල වශයෙන් පහත වැටී තිබේ.
මේ අතර භාණ්‌ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය ඇතුළු බහුකාර්ය සේවාවන් ලබාගත හැකි කැබ් රථ වැනි වාහනවල පමණක් ලියාපදිංචිය 3879 කින් වැඩිවී ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
0 comments:
Post a Comment