ඉකුත් වසරේ(2012) රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට(1919) දුරකතන ඇමතුන් පහළොස්
ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි. මේ දුරකතන ඇමතුන්වලින් බහුතරයක්
බස්නාහිර පළාතෙන් ලැබී තිබෙන බව ICTA ආයතනය පැවසීය.
මේ අතරින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි
කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා පොලීසිය යන ආයතනවල තොරතුරු දැනගැනීම සඳහා වැඩිම දුරකතන ඇමතුන්
ප්‍රමාණයක් ලැබී තිබේ.
මීට අමතරව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියට පසුගිය වසරේ දී (2012)
තුන්ලක්ෂ පනස්දහසක් පමණ පිරිසක් ප්‍රවේශ වී තිබෙන බව ICTA ආයතනය අනාවරණය
කරයි. ඒ අතරින් 1000කට අධික පිරිසක් විවිධ පැමිණිලි ඉදිරිපත්කර තිබෙන බවද එම
ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
0 comments:
Post a Comment