වයස 14 දී නිවසින් අතුරුදන් වූ පුතා වසර අටකට පසුව මාපියන් සොයාගෙන නිවසට
පැමිණි පුවතක් වාර්තා වෙයි. නේරියකුලම, වීරපුරම් අංක 356 දරන ලිපිනයෙහි
පදිංචිව සිටි ධර්මලිංගම් දිනේෂ් කුමාර් යන අය මෙසේ පැමිණ ඇති බව සෙට්ටිකුලම
පොලිසිය පවසා සිටී.
2005.03.16 දින තම මව සමඟ සෙට්ටිකුලම රෝහලෙන් ප්‍රතිකර ලබා ගැනීමට පැමිණි
දිනේෂ් කුමාර්ට තම මව මඟ හැරී ඇත.
ඇය පිළිබඳව සොයා බැලුවත් සොයා ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයට පැමිණ බස්
රථයකට ගොඩ වී ඇත. පසුව එම බස් රථයෙන් කොළඹට පැමිණි ඔහු ඇවිදිමින් සිටියදී
බැස්ටියන් මාවතේ පිහිටි හෝටලයකට ගොඩ වැදුන අතර, එහි මුදලාලි හෝටලයේ වැඩට ඔහු
තබාගත් අතර ඔහුගේ නිවසේම නවාතැන් පහසුකම් ද ලැබී තිබුණ බව පවසයි.
පසුගිය කාලයේම මෙසේ වැඩ කැර සිටි ඔහුට 2013 වර්ෂය ලබත්ම තම නිවස සොයාගෙන යාමේ
ආසාවක් ඇතිවිණි. ඒ අනුව ඔහු සෙට්ටිකුලමට පැමිණ තම නිවස සොයාගැනීමට නොහැකිව
සිටි අතර, යන්තමින් මතකයට තම පියාගේ නම කියා සොයා බැලීමෙන් අනතුරුව ඔහුට තම
නිවස සොයා ගැනීමට හැකි වී තිබේ.
දිනේෂ් කුමාර් ගේ මව තම දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව දැඩි ශෝකයකින් පසු වූ
අතර, ඇය මේ දක්වා සිතා ඇත්තේ තම දරුවා කිසියම් පිරිසක් පැහැරගෙන කොටි
සංවිධානයට බඳවා ගෙන ඇති බවයි.
ධර්මලිංගම් තවලේශ්වරි නමැති මව පොලිසියට තම දරුවා අතුරුදන් වූ දිනයේම
පැමිණිලි කැර තිබේ. ඇය මෙතෙක් තම දරුවා ජීවතුන් අතර නොමැති බවට සැක කරමින් සිට
ඇත.
0 comments:
Post a Comment