සෞදියේදී ගෙල සිඳ මරා දමන ලද රිසානා නµSක්ගේ දෙමාපියන්
ඇතුළු පවුලේ සාමාජිකයන්ට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව
නිවසක් ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ අවධානය යොමුවී
තිබේ.
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මෙලෙස රිසානා නµSක්ගේ පවුල සඳහා නව නිවසක් ඉදිකරදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.
නිවස ඉදිකරදීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ මහනුවර හිටපු පුරපති වත්මන් නාගරික මන්ත්‍රී (එජාප) රාජා පුෂ්පකුමාර මහතාගෙන් බව මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා පැවැසීය.
මහනුවර දුම්බර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්යක්ෂවරයකු වූ රාජා පුෂ්පකුමාර මහතා රිසානා නµSක් පවුලට නව නිවස ඉදිකර දීමේදී සිංහ සමාජ ඇතුළු ප්‍රජා සංවිධානවල දායකත්වයද ලබාගැනීමට අපේක්ෂා කරයි.
0 comments:
Post a Comment