දෝෂාභියෝග
චෝදනාවන්ට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය
වරදකාරිය බවට තීරණය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව
(11 දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් සම්මත විය.
ඒ පිsළිබඳ කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් (11 දා)
රාත්‍රියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමට
කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධව ඡන්ද 49 ක් ද පක්ෂව ඡන්ද 155 ක් ද ලැබිණි. ආණ්ඩුවේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර, සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ යන ඇමැතිවරුන් මෙන්ම පත්කළ මන්ත්‍රී රජීව විඡේසිංහ සහ හසන් අලි යන මහත්වරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැත. පුරවැසි පෙරමුණේ ශ්‍රී රංගා මහතා දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන් අතර සම සමාජ පක්ෂයේ වයි. ජී. පත්මසිරි මහතා දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය දෝෂාභියෝග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද ඇතුළුව එම පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහත.
දෝෂාභියෝග යෝජනාවක් පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැති පළමුවැනි අවස්ථාව මෙය බව පැවැසේ.
ආණ්ඩු පක්ෂය, අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා 2012 ඔක්තෝබර් 30 දා තීරණය කළේය. ඒ අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 117 දෙනකු අත්සන් කළ දෝෂාභියෝග යෝජනාවට චෝදනා 14 ක් ඇතුළත් විය. එය කථානායක චමල් රාජපක්ෂ මහතාට නොවැම්බර් 01 දා භාරදෙන ලදී.
පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කාරක සභාවක් නොවැම්බර් 04 දා කථානායකවරයා විසින් පත්කරන ලද්දේ දෝෂාභියෝගයේ චෝදනා විමර්ශනය කිරීමටය.
එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හත්දෙනෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු හතරදෙනෙක් ඇතුළත් වූහ.
දෝෂාභියෝගයේ සඳහන් චෝදනාවන්ට පිළිතුරු ලබාදීම සඳහා නොවැම්බර් 23 දා අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණියාය. ඉන්පසු දෙසැම්බර් 06 දා කාරක සභාව පවත්වන අතරතුරදී ඊට විරෝධය දක්වමින් අගවිනිසුරුවරිය සහ ඇගේ නීතිඥ කණ්ඩායම පිටව ගියහ.
ඊට පසු දෙසැම්බර් 07 දා පැවැති කාරක සභාවෙන් විපක්ෂයේ නියෝජිතයන් ද ඉවත්ව ගිය අතර ආණ්ඩු පක්ෂ නියෝජිතයන් පමණක් එදින මැදියම් රැය දක්වා දෝෂාභියෝග චෝදනා විමර්ශනය කරනු ලැබුයේ සාක්ෂිකරුවන් රැසක් කමිටුව හමුවට කැඳවමිනි.
කාරක සභාවේ වාර්තාව දෙසැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එදින සිට මාසයක කාලයක් ඉක්ම ගිය පසු එම වාර්තාව විවාදයට ගැනීම පසුගිය 10 දා සිදු කෙරිණි.
මෙම වාර්තාව 10 සහ 11 යන දිනවල විවාද කළ අතර 11 දා සවස 6.30 ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රීති ප්‍රශ්න මතුකිරීම නිසා සභාව විනාඩි 10 කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළේය. යළි සභාව ආරම්භ වීමෙන් පසු රාත්‍රි 7.35 ට එක් එක් මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් ඡන්ද විමසීම ආරම්භ කරන ලදී. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු (10 දා) විවාදය ආරම්භයේදීම මීට සහභාගි නොවන බව දන්වා සභා ගැබෙන් පිටව ගියහ.

0 comments:
Post a Comment