Photobucket

Friday, January 11, 2013

අවිස්සාවේල්ල රිමාන්ඩ් සිරමැදිරි කඩා 10ක් පනිති

අවිස්සාවේල්ල රිමාන්ඩ් සිරමැදිරියේ රාජකාරියේ නියුතුව සිටි බන්ධනාගාර නියාමක වරුන්ට පහර දී ඉබි යතුරු කඩා එහි සිටි සැකකාර රැඳවියන් 10දෙනකු  (10) අලුයම පලා ගොස් ඇත. 

(10) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි කුරුවිට බන්ධනාගාරයේ සැකකරුවන් පිරිසක් මෙසේ පලාගොස් තිබේ. 

අධිකරණයට ඉදිරිපත්වීම ට නියමිත සැකකරුවන් මෙසේ අවිස්සාවේල්ල රිමාන්ඩ් සිරමැදිරියේ රඳවා තබන අතර එසේ කුරුවිට බන්ධනාගාරයෙන් රැගෙන ආ සැකකාර රැඳවියන් 25නෙකු සිද්ධිය වන අවස්ථාවේ එහි සිට ඇත. 

මෙයින් 13දෙනකු රඳවා සිටි කාමරයේ සැකකරුවන් 10දෙනකු පළා ගොස් ඇති බවත් එම අවස්ථාවේ දී එහි රාජකාරීයෙහි යෙදී සිට ඇත්තේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු සහ එක් ඕවර්සියර්වරයකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 

පලා ගොස් ඇති මෙම සැකකරැවන් මංකොල්ලකෑම, සොරකම් සහ මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූවෝ වෙති. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර නිලධාරීන් හිඟවීම,ආරක්ෂක අවි නොමැතිවීම, මෙම රිමාන්ඩ් සිරමැදිරියෙන් සැකකරුවන් පලා යාමට ප්‍රධාන හේතුව වී බව එම බන්ධනාගාරයේ නිලධාරියෙක් දිනමිණට කීය.

මෙම සිද්ධිය පිළිබඳව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් පරිදී බන්ධනාගාර කොමසාරිසු ජනරාල් පී.ඩබ්ලිව් . කොඩිප්පිලි මහතා විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ . අවිස්සාවේල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all