නැඟෙනහිර ඉන්දියාවේ වාමාංශික අන්තවාදීන්ගේ තෝතැන්නක් වන ජාකාන්ද්
ප්‍රාන්තයේදී මාඕවාදී කැරලිකරුවන් විසින් පොලිස් භටයන් හත්දෙනකු ඝාතනය කර
ඇති බව පොලීසිය පවසයි.
මාඕවාදීන් රැසක් වනගත පෙදෙසක රැස්ව සිටින බවට රාජ්‍ය බුද්ධි අංශ
බලධාරින්ගෙන් ලත් ඔත්තුවකට අනුව එම ප්‍රදේශය කරා ප්‍රාදේශීය පොලිස්
නිලධාරින් ගොස් ඇත්තේ ඔවුන් අත්අඩංගුවට ගැනීමටය.
මේ පොලිස් නිලධාරින් එම ස්ථානය වැටලූ අවස්ථාවේ දෙපිරිස අතර වෙඩි හුවමාරුවක්
සිදුව ඇති අතර එහිදී පොලිසියේ 7 දෙනකු ඝාතනය වී තවත් 13 දෙනකු තුවාල ලබා ඇත.
කැරලිකරුවන් 100ක් පමණ එහි සිටි බව වර්තා වේ.
දුප්පත් ගොවීන් හා ඉඩම් අහිමි කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින බව
පවසන පවසන මාඕවාදීන් ඉන්දියාවේ ප්‍රාන්ත 28න් 20කම ව්‍යාප්තව සිටින බව
සඳහන්ය.
0 comments:
Post a Comment