ලක්ෂ ගණන් වටිනා දේපළ සොරකම් කළ දංකොටුවේ කෝන්දුරුවා නමින් ප්‍රසිද්ධියට පත්
අයකු නායකත්වය දෙන තිදෙනකුගෙන් යුත් කල්ලියක් මීගමුව, කොට්ඨාස විශේෂ
විමර්ශන ඒකකය මඟින් සොරකම් කළ දේපළ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දංකොටුව ගුංජම්පොළ හා කටුකෙන්ද යන ප්‍රදේශවල පදිංචි අවු. 26
– 30 ත් අතර අය වෙති. පාසල් අවදියේ සිටම මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සූදුවට
සම්බන්ධව සිටි අය බව කියවේ.
කොච්චිකඩේ මානවේරිය ප්‍රදේශයේ ගෙයකට ඇතුළු වී රුපියල් පන් ලක්ෂයක් වටිනා
දේපළ සොරකම් කර ඇත. ඒවා අතර ජංගම දුරකථන රන් භාණ්ඩ මුදල්ද විය.
පලඟතුරය ප්‍රදේශයේ විදේශිකයකු ජීවත්වන නිවෙසක් බිඳ රු.65000ක් වටිනා අත්
ඔරලෝසුවක් එල්.සී.ඩී. යන්ත්‍රයක් කොණ්ඩ කපන මැෂිමක් ඇතුළු විවිධ වටිනා භාණ්ඩ
සොරකම් කරගෙන තිබුණි.
රන් භාණ්ඩවලින්, කොටසක් උකස් කර ඇත. පන්නල, කොස්වත්ත, කුලියාපිටිය,
වෙන්නප්පුව, දංකොටුව යන ප්‍රදේශවල ගෙවල් බිඳුම් ගණනාවක් සිදුකර රක්ෂිත
බන්ධනාගාරගතව සිට මෙම තිදෙනා ඇප මත මුදාහැර සිටින අය බව පොලිස්
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කොට්ඨාස පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති හා සහකාර පොලිස් අධිකාරී (1) ආනන්ද
අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් පිට පොලිස් සැරයන්වරුන් වන 53155 සුදත්
ගුණවර්ධන, 31685 හේරත්, 26330 විජේසේකර, 31886 පාලිත, 34064 හේරත්, 63188 රවුප්
හා පොලිස් කොස්තාපල්වරුන් වන 78997 පෙරේරා, 89454 බුද්ධික යන නිලධාරි කණ්ඩායම
මෙම වැටලීම සිදුකළහ.
0 comments:
Post a Comment