Photobucket

Friday, January 4, 2013

අලුයම 1.00 ට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කල වේදිකා නාට්‍ය නිළිය...

පලමුව දූෂණය කර ඇත්තේ ලක්‌මාල්...

නේවාසිකාගාරයේ හිමිකරුත් ඒ අතර...

නිළිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට...

තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂ වසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු වේදිකා නාට්‍ය නිළිය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම 1.00 ට පමණය.

එදින ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළිය මාර්ගය අතරමග රැක සිට ඇයට මරණීය තර්ජන එල්ල කොට පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.  

ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වනවා. වේදිකා නාට්‍ය නිළිය බිබිල අඹගොල්ල සිංහපුර පදිංචි 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී  තිබෙනවා.

එදින ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළිය මාර්ගය අතරමග රැක සිට ඇයට මරණීය තර්ජන එල්ල කොට පැහැරගෙන ගොස්‌ පලමුව දූෂණය කර ඇත්තේ ලක්‌මාල් ජයතිලක නම් ගුවන් හමුදා භටයාය.  


ඉන් පසුව අනෙක් තුන් දෙනා ඇයව දූෂණය කොට තිබෙනවා. ගුවන් හමුදා භටයන් දෙදෙනාට අමතරව වඩු කාර්මිකයකු හා ඇය නැවතී ඇති නේවාසිකාගාරයේ හිමිකරුද නවා.

ඔවුන්ගේ නම් වනුයේ ගුවන් හමුදා භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.

ඔවුන් ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයට පත්වූ 
වේදිකා නාට්‍ය නිළිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර 
තිබෙනවා.

ලංකාවේ වාර්තා වන බොහෝ මංකොල්ලකෑම් හා ස්ත්‍රී දූෂණයන් වාර්තා වන්නේ නිවාඩුවට පැමිණෙන හමුදා සෙබලුන්ගෙනි.
බොහෝ කාන්තාවන් පිරිසක් දිනකට ලිංගික අතවරයට ලක්වෙන නමුත් ලැජ්ජාව, බිය, නොදන්නාකම, මරණීය තර්ජන, පහරදීම හා අල්ලස් ගැනීම් නිසා බොහෝ අපචාර පොලිසියට වාර්තා වෙන්නේ නැති බවයි පොලීසිය පවසන්නේ.

පසුගියදා ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කිරීමට විරුද්ධව 
දහස් ගණනක් ඉන්දියාවේ ජනතාව වීදි බැස උද්ඝෝෂණය කළ මුත් ලංකාවේ එවැන්නක් සිදුනොවේ. මන්දයත් ලංකාව යනු මසකට ස්ත්‍රී දූෂණ සිය ගනනක් වාර්ත වන ස්ත්‍රී දූෂණ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති රටක් නිසාය.


එම සිද්ධිය පිලිබඳ සවිස්තර වාර්තාවක් පහතින් 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all