Photobucket

Friday, January 4, 2013

නව වසරේ පළමු ඩෙංගු ගොදුර

සමුද්‍රදේවි බාලිකාවෝ කඳුළු ගඟක

2013 වසරේ ප්‍රථම ඩෙංගු මරණය වාර්ථා වූයේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලෙනි. එම විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සඳුනි අප්සනා ඩෙංගු මදුරු දළ තුඩට ගොදුරු වී ජනවාරි 02 වැනිදා මෙලොව හැර ගියේ සමුද්‍රදේවි බාලිකාවියන්ගේ සහ මුළු ගුරු මණ්ඩලයේ දෑස් කඳුළින් පිරී යද්දීය. එම විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සඳුනි අප්සනා 07 හැවිරිදි වියේ පසු වූ මල් පොහොට්ටුවකි. නව වසර ආරම්භ වීමත් සමග පාසල් යන්නට ඇය ඇඟිලි ගනිමින් සිටියාය. 

අළුත් පාසල් බෑග්, සුවඳ හමන අභ්‍යා‍ස පොත්, සපත්තු, සුදු ගවුම් සියල්ල ඇගෙන් එක්වරම ගිලිහී ගියේ නව වසරට ඔන්න මෙන්න කියා තිබියදී හටගත් උණ රෝගය හේතුවෙනි. බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ තුන්වැනි පටුමගේ පදිංචි වී සිටි සඳුනි අප්සනා වහාම ඇගේ දෙමව්පියන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද්දේ මෙවන් විපතක් සිහිනෙකින්වත් බලා‍පොරොත්තුව නොවේ. එහෙත් ඩෙංගු මදුරුවා ඇගේ ජීවිතය පැහැර ගත්තේය. මේ වනවිට සඳුනි අප්සනා දැරියගේ බාල සොහොයුරාද ඩෙංගු වැළඳීමෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබා දෙමින් තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all