කොළඹ ගොස් කුලී ගමන් යාම සඳහා සේරුනුවර තෝපූර් ප්‍රදේශයට වටිනා වාහන
රැගෙනවිත් අතර මඟදී රියදුරුට පහරදී වාහනය සොරාගෙන කෑලි ගලවා මස්කර වාහන
කොටස් විකිණීම ජාවාරමක් බවට පත්කරගෙන සිටි කල්ලියක සිව් දෙනකු අත්
අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත
බන්ධනාගාර ගතකිරීමට මුත්තූර් මහේස්ත්‍රාත් පායත් රසාක් මහතා නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ තඹලගමුව හා තෝපූර්වල පදිංචිකරුවන් වන සිද්ධික්
නඩේෂලින්ගම් රමේෂ්, දයාලන් මෝහනරාජ්, බාල සුබ්‍රමණියම් කමල් රාජ්, අරුල්
ප්රසාගම් දේවා බෙනඩික් නමැත්තන්ය. සොරබඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන්
ත්‍රිකුණාමලයේ පදිංචි රත්නතුරෙයි සෝමිරන් නමැත්තා රුපියල් 50000 ක ඇප මත
මුදා හරින ලදීි.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු කිලිවෙඩ්ඩි හා මඩකලපුව යන
ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති ඔවුන් ප්‍රදේශ හැර පලාගොස් ඇති
බවට පොලිසිය අධිකරණයට දන්වා සිටින ලදි. වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන
අධිකරණය හමුවට පමුණුවන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරන ලදීි.
2012.11.17 දින මඩකලපුවෙන් විදෙස් ගතවීමට සිටින තරුණියන් කිහිපදෙනෙකු
රැගෙන ඒම සඳහා අළුත්ම ඩොල්පින් වර්ගයේ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා
එ.ර්ථ.ර්ථ.ච්.5533 දරන රථයක් කොළඹදී හයර් කරගෙන පැමිණි ද්‍රවිඩ ජාතික
තරුණියන් තිදෙනෙකු මඩකලපුවේදී තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ එකතුවී
සේරුනුවර තංගනගර් ප්‍රදේශයේදී රියැදුරුට පහරදී ඔහු වාහනයෙන් ඇද දමා රථය
පැහැරගෙන පලාගොස් ඇත.
කෙසේ හෝ සිද්ධිය සේරුනුවර පොලිසියට සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ
සේරුනුවර පොලිසිය අවට පොලිස් ස්ථානවල ද සහාය ලබාගෙන තඹලගමුව පොලිස් බල
ප්‍රදේශයේ නිවසක රථය සඟවා තිබියදී තඹලගමුව පොලිසිය මඟින් 18 දා සොයා ගන්නා
ලදීි. ඒ වනවිටද වාහනයේ වටිනා අමතර කොටස් රාශියක් ගලවාගෙන ඇති අතර
සැකකරුවන් ද පලාගොස් ඇත.
කන්තලේ සමූහ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment