උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී කිsසිදා නොතිබූ
නම්‍යශීලී බවක් මෙවර බඳවා ගැනීම් පටිපාටිය තුළ තිබූ බව
රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී.
ෙ-. සෙනෙවිරත්න මහතා පැවැසීය.
විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා සියලු දෙනාට රජයේ
රැකියා ලබා දිය යුතු යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ලෝකයේ
එකම රට ශ්‍රී ලංකාව බවත්, සෙනෙවිරත්න මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ
කටයුතු අමාත්‍යාංශයට උපාධිධාරීන් අනුයුක්‌ත කරමින් ඔවුන්ට
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට පසුගියදා (දෙසැ. 05)
සහභාගි වෙමිනි.
මෙවර ද උපාධිධාරීන් 52,000 ක් පමණ එකවර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට උපාධිධාරීන් 61 දෙනෙකු බඳවා ගනු ලැබීය.
ලෝකයේ දියුණු රටවල ආර්ථික අවපාත හේතුවෙන් පුද්ගලයන්ට රැකියා අහිමිව යන අවධියක ශ්‍රී ලංකාව වැනි රටක් එකවර මෙතරම් උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා ලබා දෙමින් රාජ්‍ය සේවය ශක්‌තිමත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි කී අමාත්‍යවරයා මේ වන විට රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 14 දක්‌වා වර්ධනය වී ඇති බව ද කියා සිටියේය.
එකවර විශාල සංඛ්‍යාවකට රැකියා ලබාදීම පහසු කාර්යයක් නොවන බවත් සියලුම උපාධිධාරීන් අනුයුක්‌ත කිරීමේ කටයුතු ඉතා සාර්ථකව අවසන් කරමින් පවතින බවත්, අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙ-. සෙනෙවිරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
එසේම සියලුම උපාධිධාරීන් පුහුණුවෙන් අනතුරුව ස්‌ථිර කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බවත්, ඔවුනට සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්‌ථාව යටතේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හිමිවන සියලුම වරප්‍රසාද හිමිවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම අවස්‌ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා උපාධිධාරී පත්වීම්ලාභී වැඩසටහන භාර අමාත්‍යාංශ අතිරේක ලේකම් ජගත් චJද්‍රසිරි මහතා ඇතුළුÊඅමාත්‍යාංශ නිලධාරීහු කිහිපදෙනෙක් ද සහභාගි වී සිටියහ.

අමාත්‍ය ඩබ්ලිව් ඩී. ෙ-. සෙනෙවිරත්න
0 comments:
Post a Comment