Photobucket

Saturday, December 8, 2012

දෘශ්‍යාබාධිතවූවන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකා‍ කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්

ඉන්දියාවේ බැංග්ලෝර් නුවර පැවැත්වෙන දෘශ්‍යාබාධිතවූවන් සඳහා වන ප්‍රථම විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග 4ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

චන්දන කුමාර සූරියආරච්චිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල මෙහි දි දකුණු අප්‍රිකාව, නේපාලය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව ජය වාර්තා කළ අතර ඉන්දියාව සමග පෙරේදා පැවැති තරගයෙන් පමණක් පරාජයට පත්විය.
රටවල් 9ක් තරග වදින මේ තරගාවලියේ දී බංග්ලාදේශය, බටහිර ඉන්දියා කොදෙව් පිල සහ පාකිස්තානය සමග ඉදිරියේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් තිබේ.
වසර 1998, 2002 සහ 2006 දී පැවැති දෘශ්‍යාබාධිතයන් සඳහා වන ඕවර 40 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුව ද ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක දස්කම් දැක්වූයේ මෙවර විස්සයි20 තරගාවලියේ දීය. 

චන්දන දේශප්‍රිය මේ තරගාවලියේ පළමු තරග 4දීම නොදැවී සිටි අතර ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද රැස් කිරීමට සමත්විය.

පළමු තරගය - ද.අප්‍රිකාව – 255/8 - ශ්‍රී ලංකාව – 256/3 (දිමුතු රවීන්ද්‍ර 52)
දෙවැනි තරගය – ශ්‍රී ලංකාව 317/3 ( දිමුතු රවීන්ද්‍ර 138, චන්දන දේශප්‍රිය නොදැවී 75) නේපාලය- 138යි
තුන්වැනි තරගය – ඔස්ට්‍රේලියාව - 233/8- ශ්‍රී ලංකාව 234/3 ( චන්දන දේශප්‍රිය නොදැවී 129, පැතුම් සමන් කුමාර නොදැවී 42)
සිවුවැනි තරගය – ශ්‍රී ලංකාව – 201/6 (චන්දන දේශප්‍රිය නොදැවී 69, චන්දන කුමාර 63)
පස්වැනි තරගය – ඉන්දියාව – 300/4- ශ්‍රී ලංකාව - 132යි (රුවන් කරුණාතිලක 46) 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all