මරදගහමුල
සහල් වෙළඳසැලේ පවතින අර්බුධකාරී තත්ත්වය යටතේ මේ වන විට සම්බා සහල් කිලෝවක
තොග මිල රුපියල් 67/- ත් 68/- ත් අතර මට්ටමක පවතින බව ව්‍යාපාරිකයෝ පවසති.
නාඩු සහල් කිලෝවක් තොග මිල රුපියල් 59/- ක්ද සුදු කැකුළු සහල් කිලෝවක්
රුපියල් 57/- ක් ද රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 52/- ක් පමණ වේ. මෙය
මිල ගණන්වල ඉතා ඉහළ යාමකි. සම්බා සහල් කිලෝවක රජයේ පාලන මිල රුපියල් 70/-
කි. සිල්ලර වෙළඳුන් ඉහත මිල ගණන් යටතේ රැගෙන යන සහල් තොග, ප්‍රවාහන වියදම් ද
එක් කොට මිල කරන විට රුපියල් 70/- ඉක්මවා යන බව සිල්ලර වෙළඳුන් පවසති.
ජීවන් පහන් දිවුලපිටිය
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment