දුම්රිය
ශේ්‍රණිගත වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ පැය 24 ක
සංකේත වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (07 වැනිදා) පාසල් සිසුන්,
කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් සංඛ්‍යාත මගී ජනතාව දැඩි
දුෂ්කරතාවකට පත් වූහ.
වැටුප් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් දුම්රිය නියාමකවරුන්,
රියෑදුරන්, පාලකවරුන් හා ෙµdaමන්වරුන් පෙරේදා (06) මධ්‍යම
රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබූ අතර
එය ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ බව
දුම්රිය ගමනා ගමන අධිකාරියේ එල්. ඒ. ආර්. රත්නායක මහතා පැවසීය.
අදාළ වෘත්තීය සමිති ඉකුත් (04 වැනිදා) පැය 24 ක මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට සූදානම්ව සිටි අතර, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා වෘත්තීය සමිති නායකයන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු පැය 48 කට වැඩ වර්ජනය කල් දැමීමට තීරණය කළේය.
මෙම සංකේත වැඩ වර්ජනය නිසා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවීමෙන් දහස් සංඛ්‍යාත මගී ජනතාව දැඩි අසීරුතාවකට ලක් වූහ.
වැටුප් ප්‍රශ්නයක් මත මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වූ බවත් වැටුප් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවත් රත්නායක මහතා කීවේය.
දුම්රිය සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ලංගම බස් රථ වැඩි සංඛ්‍යාවක් යෙදවූ බවද, පෞද්ගලික බස් රථ හිමියන්ගේද සහාය මේ සඳහා ලබා ගත් බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
අද (08) සිට යළි සාමාන්‍ය පරිදි දුම්රියයන් ධාවනය වන බව ද රත්නායක මහතා පැවැසීය.

ලසිත දුමින්ද
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment