"අපේ යෝජනා ප්‍රතික්ෂේප කළා"
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා විමර්ශනය කෙරෙන විශේෂ කාරක සභාව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා ඊයේ (07 දා) පස්වරුවේ එම කාරක සභාව පැවැත්වෙන අතරතුරදී ඉන් ඉවත්ව පිටව ගියහ.
මෙම කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක් නොමැති බවත් සහ
එහි ක්‍රියාපිළිවෙත නිවැරැදි නොවන බවත් සඳහන් කරමින්
විපක්ෂයේ නියෝජිතයන් සිව්දෙනා ඉන් ඉවතට ගොස් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් යන මහත්වරු මෙසේ විශේෂ කාරක සභාවේ කටයුතු වලින් ඉවත්ව ගියහ.
මෙම විශේෂ කාරක සභාව ඊයේ පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 01 කමිටු ශාලාවේ රැස්වූ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු ඉවත්ව ගොස් ඇත.
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කෙරෙන ආකාරය පිළිබඳ යෝජනා මාලාවක් විපක්ෂයේ නියෝජිතයන් විසින් විශේෂ කාරක සභාවට ලබාදී ඇත. එහෙත් එය කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
දොaෂාභියෝග චෝදනා විභාගයේදී සාක්ෂිකරුවන්ගේ නාමලේඛනයක්, පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලිත් ඉදිරිපත් නොකළ බවද විපක්ෂයේ නියෝජිතයෝ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසූහ.
පැමිණිල්ලට අදාළ ලියවිලි තුන්සීයක් පමණ ඉදිරිපත් කළද ඒවාට පිළිතුරු සැපයීම සඳහා විශේෂ කාරක සභාවේ සභාපතිවරයා විසින් අගවිනිසුරුවරියට හෝ ඇගේ නීතිඥයන්ට කාලය ලබා දුන්නේ ඊයේ පස්වරු 1.30 දක්වා පමණක් බවද විපක්ෂ සාමාජිකයෝ පැවැසූහ.
විපක්ෂයේ සාමාජිකයන් ඉවත්ව ගියද ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ සහභාගිත්වයෙන් විශේෂ කාරක සභාව ඊයේ (7 දා) පවත්වාගෙන යන ලදී.
විපක්ෂයේ සාමාජිකයන් ෙමම කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ මෙසේද සඳහන් වේ.

අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් වන චෝදනා
විමර්ශනය කෙරෙන ආකාරය පිළිබඳ යෝජනා මාලාවක් විපක්ෂයේ
නියෝජිතයන් විසින් විශේෂ කාරක සභාවට ලබාදී ඇත. එහෙත් එය කාරක
සභාවේ සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව විපක්ෂයේ
ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ප්රවෘත්ති සාකච්ඡාවක්
පවත්වමින් කියා සිටියේය.
දොaෂාභියෝග චෝදනා විභාගයේදී සාක්ෂිකරුවන්ගේ නාමලේඛනයක්, පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලිත් ඉදිරිපත් නොකළ බවද විපක්ෂයේ නියෝජිතයෝ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසූහ.
පැමිණිල්ලට අදාළ ලියවිලි තුන්සීයක් පමණ ඉදිරිපත් කළද ඒවාට පිළිතුරු සැපයීම සඳහා විශේෂ කාරක සභාවේ සභාපතිවරයා විසින් අගවිනිසුරුවරියට හෝ ඇගේ නීතිඥයන්ට කාලය ලබා දුන්නේ ඊයේ පස්වරු 1.30 දක්වා පමණක් බවද විපක්ෂ සාමාජිකයෝ පැවැසූහ.
විපක්ෂයේ සාමාජිකයන් ඉවත්ව ගියද ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ සහභාගිත්වයෙන් විශේෂ කාරක සභාව ඊයේ (7 දා) පවත්වාගෙන යන ලදී.
විපක්ෂයේ සාමාජිකයන් මම කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ මෙසේද සඳහන් වේ.
සභාපති
අගවිනිසුරුතුමිය සම්බන්ධ විශේෂ කාරක සභාව
මහත්මයාණෙනි
විශේෂ කාරක සභාවේ සාමාජිකයන් වන අපි පහත කරුණු වාර්තා කිරීමට කැමැත්තෙමු.
කාරක සභාව විසින් කරුණු සලකා බලමින් සිටින කාලය තුළ අප විසින් පහත කරුණු ඉස්මතු කර තිබිණි.
විශේෂ කාරක සභාව විසින් අනුගමනය කළ යුතු වන කාර්ය පරිපාටිය පිළිබඳව පැහැදිලි මග පෙන්වීමක් නොමැතිවීම.
අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයන් වෙත ලිපිලේඛන ලබා දිය යුතුව තිබිණිද යන්න.
අවශ්‍ය වනු ඇත්තාවූ සාක්ෂි පිළිබඳ මිනුම් දණ්ඩ.
zzඅවකල්ක්‍රියාවZZ පිළිබඳ අර්ථ නිරූපණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව.
ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයන් වෙත ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නේද යන වග.
අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයන් වෙත ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති පැමිණිලිකරුවන් කිහිප දෙනාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා දෙන්නේද යන්න පිළිබඳ මගපෙන්වීමක් ද ලබාදෙන ලෙස අප විසින් ඉල්ලා ඇත.
පළමුව අගවිනිසුරුතුමියට එරෙහිව බැලූ බැල්මට පෙනෙන නඩු කටයුත්තක් හඳුනාගනු ලැබ ඇත්තේ නම් පමණක් ඇය වෙතින් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිය හැකි බව අපගේ ස්ථාවරය විය.
මෙම කරුණුවලින් කිසිවක් ඔබගේ කාරක සභාව විසින් ඉටුකර නොමැත.
අප අඳුරේ අතපත ගාමින් තදුචිත (ad යදජ) පදනමක් මත ඉදිරියට යමින් සිටින බවද අපගේ වැටහීමයි.
මීට අමතරව කාරක සභාව වෙත ලිපිලේඛන 300 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඒවා සාමාජිකයන් වෙත ලබාදී ඇත්තේ 2012 දෙසැම්බර් 05 වැනිදා වන අතර අගවිනිසුරුතුමිය වෙත ලබාදී ඇත්තේ 2012 දෙසැම්බර් මස 06 වැනිදා ප. ව. 4.30 ටය. ඉදිරිපත් කළ යුතු තවත් ලිපිලේඛන කිහිපයක් ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.
අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විසින් අදාළ ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය ඉල්ලා සිටින ලදී. මෙය ප්‍රතික්ෂේප කෙරිණි.
අගවිනිසුරුතුමිය හැරුණු කොට විශේෂ කාරක සභාවේ සාමාජිකයන් වන අපට ද මෙම ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වනු ඇත.
තවද අගවිනිසුරුතුමිය වෙත ලිපිලේඛන ලැයිස්තුවක් හෝ සාක්ෂිකරුවන් ලැයිස්තුවක් හෝ ලබාදී නොමැත.
මෙම සිදුවීම් පෙළගැසී ඇති ආකාරය පහත පරිදි දැක්විය හැක.
යෝජනාව ගොනු කරන ලද අවස්ථාවේදී ඒ සමග ලිපිලේඛන ඉදිරිපත් නොකෙරිණි.
විභාගය සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් හෝ ලිපිලේඛන ලැයිස්තුවක් හෝ නොමැතිව 2012 නොවැම්බර් මස 14 වන දින ආරම්භ කෙරිණි.
සභා වාර තුනකින් පසු, බැංකුවලින් හා අනෙකුත් ආයතනවලින් අදාළ ලිපිලේඛන කැඳවන ලෙස මහ ලේකම්වරයා වෙත උපදෙස් දෙන ලදී.
මෙමගින් පැහැදිලි වනුයේ දෝෂාභියෝග යෝජනාව ගොනු කරන ලද අවස්ථාවේදී අත්සන්කරුවන් අතරින් කිසිවකු හෝ එකී ලිපිලේඛන වලින් කිසිවක් දැක නොමැති බවයි.
සිදු කෙරෙමින් පවත්නා මෙම පරීක්ෂණය තුළ කාරක සභාව විසින් නීතියේ සුප්රකාශ ප්‍රතිපාදන හා ස්වභාවික යුක්ති ධර්මයේ අවශ්‍යතා නොසලකා හරිමින් සිටීම කනගාටුවට කරුණකි.
නීතියේ සාධාරණත්වය හා සමාන ආරක්ෂාව සහතික කරන්නාවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව හා නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරන්නාවූ 13 (5) ව්‍යවස්ථාව.
නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහතික කරන්නාවූ මානව හිමිකම් ප්රකාශනයේ 07 වන ව්‍යවස්ථාව.
සෑම විනිසුරුවරයකු හටම සාධාරණ නඩු විභාගයක් හා ඉවත් කිරීමේ කාර්ය පරිපාටිය පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහතික කරන්නා වූ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවල 17 වැනි හා 20 වැනි විෂයාංක.
අගවිනිසුරුතුමිය හට ඇයගේ තනතුරට ලැබිය යුතු වන්නා වූ ආචාරශීලීත්වය හා වරප්‍රසාද ලබාදී නොමැති බවද සැලකිල්ලට ගත යුතු කරුණකි.
මෙම කරුණු පිළිබඳව අප විසින් අපගේ ස්ථාවරය පැහැදිලි කරදී ඇත.
මෙම විභාගය පැවැත්වීමේදී ඉහළම සාධාරණත්වය පවත්වා ගෙන යැම මෙම විශේෂ කාරක සභාවේ වගකීම වේ.
මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවත්නා අතරතුර අගවිනිසුරුතුමියට සලකන ලද ආකාරය අපහාසාත්මක හා බියගන්වන සුළු වන අතර සිදුකරන ලද ප්‍රකාශ පැහැදිලි ලෙසම වැරදිකරු බවට පූර්ව නිගමනයක් ප්‍රකට කරන්නා වූ ඒ වා වූ බවද කනගාටුවෙන් සඳහන් කරන්නෙමු.
එබැවින්, තවදුරටත් කටයුතු ඉදිරියට ගෙන යැමට ප්‍රථම කාරක සභාව විසින් එම කාරක සභාව මෙම පරීක්ෂණයේදී අනුගමනය කිරීමට අදහස් කරන්නා වූ කාර්ය පරිපාටිය සඳහන් කළ යුතු බවද අපගේ අදහසයි.
සභාගත කරන ලිපිලේඛන අධ්‍යයනය කොට සමාලෝචනය කිරීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වෙත මෙන්ම අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයන් වෙත ද ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
කාරක සභාවේ කටයුතුවලට සහභාගි වන අතර, අගවිනිසුරු නිලයේ ගාම්භීරත්වය උස්ථම්භනය කිරීමට අවශ්‍ය වන්නා වූ වරප්‍රසාද අගවිනිසුරුතුමියට ලබා දිය යුතුය.
මෙම කරුණු වෙත අවධානය යොමු කෙරෙන්නේ නම්, අගවිනිසුරුතුමිය වෙත මෙම කාර්යාවලියට ඇයගේ සහභාගිත්වය තවදුරටත් ලබාදෙන ලෙස ආරාධනා කළ යුතු බව අපගේ හැඟීමයි.
කෙසේ වුවද කාරක සභාව අපගේ යෝජනා වලට එකඟ නොවන්නේ නම් මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට එමගින් අප වෙත බලකෙරෙනු ඇත.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment