ලොව වෙසෙන
වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතේ කිරුළු පැළඳ සිටි ඇමෙරිකානු
ජාතික කාන්තාවක වන ‘බෙස් කූපර්’ අවුරුදු එකසිය දහසයක් ආයු වළඳා පසුගිය
අඟහරුවාදා මියගිය බව වාර්තා වේ. ඇට්ලන්ටාහි පිහිටි සාත්තු නිවාසයකදී ඇය
මියගොස් ඇති අතර මරණයට දින කීපයකට පෙරදී ඇය අමාශගත වෛරසයක් හේතුවෙන් පීඩා
විඳි බවද කියැවේ.
ඇමෙරිකාවේ ටෙනසිහි උපන් බෙස් කූපර් පළමු ලෝක යුද සමයේදී ජෝර්ජියා වෙත පැමිණීමෙන් පසු ගුරුවරියක ලෙස සේවය කළාය. ඇගේ අවමංගල්‍යය මෙම සතිය තුළදී සිදු කිරීමට නියමිතය.
ඒ.එෆ්.පී.
0 comments:
Post a Comment