Photobucket

Monday, December 17, 2012

සැන්ඩි හුක්‌ පාසල ලේ විලක්‌ කළ ඝාතකයාට වෙඩි තැබීම පුහුණු කළේ ඔහුගේම මවයි

ඇමරිකානු - සැන්ඩි හුක්‌ පාසලට කඩා වැදී බිහිසුණු ඝාතනයක්‌ සිදු කළ 20 හැවිරිදි ඇඩම් ලැන්සාට වෙඩි තැබීම පිළිබඳව පුහුණු කර ඇත්තේ ඔහුගේ මව වූ 52 හැවිරිදි නැන්සි ලැන්සා විසින් බව හෙළි වී තිබේ.

ඇඩම් සිය මවට වෙඩි තබා මරා දැමීමෙන් පසුව මවගේ කාරයෙන්ම සැන්ඩිහුක්‌ පාසල වෙත පැමිණ එහි කුඩා දරුවන් 20 දෙනකුද වැඩිහිටියන් හය දෙනකුද කෲර අන්දමින් මරා දැමීය.

නැන්සි ලැන්සාගේ නමට බලපත්‍ර සහිත තුවක්‌කු 5 ක්‌ තිබී ඇති අතර ඇඩම් විසින් මෙයින් තුවක්‌කු දෙකක්‌යොදා ගෙනම මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර ඇත.

ඇඩම් සිය නිවසේදී මවගේ මුහුණට වෙඩි තබා

ඝාතනය කර සිසුන් 700 ක්‌ ඉගෙන ගන්නා සැන්ඩි හුක්‌ පාසලට කඩා වැදී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුන් 20 දෙනා අවුරුදු 6 හා 7 අතර පසුවන දරුවෝ වෙති.

මෙම දරුවන්ට කිහිපවිටක්‌ම වෙඩි තබා ඇති බව මරණ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත. මෙම පාසලේදී ඝාතනයට ලක්‌ වූ වැඩිහිටියන් හය දෙනාම කාන්තාවෝය. මෙම පාසලේ විදුහල්පතිනිය වූ ඩොන් හෝෂ්ප්‍රන්ද මෙම ප්‍රහාරයට ලක්‌ව මරණයට පත්ව තිබේ.

ඇමරිකාවේ කනෙක්‌ටිකට්‌ හි නිව්ටවුන් නගරයේදී මෙම ෙ€දවාචකය සිකුරාදා පෙ.ව. 9.30 ට පමණ සිදුවී තිබේ. කළු ඇඳුමින් සැරසුණු ඇඩම්, ස්‌වයංක්‍රීය තුවක්‌කු දෙකත් රැගෙන පංති කාමරයට ඇතුළු වී තිබේ.

සිද්ධිය සිදු වී විනාඩි 10 ක්‌ ඇතුළත පොලිසිය පැමිණ ඇති අතර ඒ වන විට ඝාතකයාද මැරී වැටී සිටිනු දක්‌නා ලදී.

මෙම සිද්ධියෙන් පසු කඳුළු පිරි දෙනෙතින් යුතුව ජාතිය ඇමතු ජනපති බරක්‌ ඔබාමා ප්‍රකාශ කළේ "අද අපේ හදවත් හඬා වැටෙන" බවයි.

ඇඩම් ලැන්සා සමග අධ්‍යාපනය ලැබූ සහෝදර සිසුන් පවසන්නේ මොහු ඉතාම බුද්ධිමත් තරුණයකු වූ බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all