Photobucket

Monday, December 17, 2012

තරග තහනමෙන් පසු මංජු යළි පිබිදෙයි

වසර දෙකක තරග තහනමකින් පසුව යළි බොක්සිං වළල්ලට පැමිණි ප්‍රබල බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි ජාතික බොක්සිං ශූරතාවලියේ දෙවැනි වටයට පිවිසීමට සමත්විය. කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් තරග වදින ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ මංජු හමුවේ පරාජයට පත්වූයේ ගුවන් හමුදාවේ දිනේෂ් බණ්ඩාරය.

පල්ලෙකැලේ ලීනියා බොක්සිං වළල්ලේ පැවැත්වෙන 87වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ මූලික වටයේ දී විද්‍යර්ථ බොක්සිං පිලේ බී.වර්ණසූරිය, ලීනියා පිලේ ඒ.වික්‍රමගේ, විද්‍යාර්ථ බොක්සිං පිලේ එච්.හේරත්, නාවික හමුදාවේ පී.රොද්‍රිගෝ, යුද හමුදාවේ ආර්. ජයවංශ, ස්ලිම් ලයින් පි‍ලේ ආර්.වෙත්තසිංහ, එන්.හෙට්ටිආරච්චි, යුද හමුදාවේ කේ. ජයරංග,ජේ.ජයසුන්දර සහ පොලිසියේ ජේ.නයනජිත් ජය ලැබීමට සමත්වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all