Photobucket

Monday, December 17, 2012

කාල්ටන් රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියෙන්...

කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌(සී.එස්‌.එන්.) අනුග්‍රහයෙන් දෙවැනි වරටත් කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේදී පැවැති කාල්ටන් රාත්‍රී මෝටර් රථ ධාවන තරගය අති උත්කර්ෂවත් අන්දමින්  (15 දා) පැවැත්විණි. දෙස්‌ විදෙස්‌ තරගකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අදාළ මෝටර් ධාවන තරගාවලිය නැරඹීමට විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ සහභාගිවීමද විශේෂත්වයක්‌ විය.

අදාළ මෝටර් රථ ධාවන තරගයේදී ශ්‍රී ලංකාවේ ඉතා දක්‍ෂ ධාවන ශූරයකු වූ දිනේෂ් සේනානායකගේ මෝටර් රථය සහ ඉන්දීය ධාවන ශූරයකු වූ ඇංගාඩ් සිංගේ මෝටර් රථය ධාවනයේදී අනතුරකට ලක්‌වීම කැපී පෙනෙන්නක්‌ බවට පත්වූහ. එහෙත් ඔවුන් දෙදෙනාම කිසිදු තුවාලයක්‌ නොලබා එම අනතුරින් බේරීමට වාසනාවන්ත විය. මෙම තරගාවලියේදී මෝටර් රථ අංශයෙන් විරාන් බොතේජු, ඩිලන්ත මාලගමුව මෙන්ම යතුරු පැදි අංශයෙන් ෂිරාන් සැමුවෙල්, ගයාන් සඳරුවන් යන අයද ජයග්‍රහණ ලැබූහ.

මෙම තරගාවලියේ විවිධ අවස්‌ථාවන් කිහිපයක්‌ ඡායාරූපවල දැක්‌වේ.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all