Photobucket

Monday, December 17, 2012

කෝටි දෙකක මත්කුඩු පාර්සලයක් සමඟ අයෙක් මන්නාරමේදී අල්ලාගෙන

දකුණු ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් ගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි දෙකක වටිනාකම ඇති හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ එක් පුද්ගලයකු මන්නාරම කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය  (15 දා) අත්ඩංගුවට ගන්නා ලදී.

මෙම මත් කුඩු ප්‍රමාණය කිලෝ දෙකකුත් ග්‍රෑම්ස් දෙසිය හැට දෙකක් බර බවත් කියති. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ජයලත් මහතාට ලැබුණු තොරතුරක් මත  එම අංශයේ නිලධාරීන් වැටලීම කර ඇත. එම නිලධාරීන් තලෙයිමන්නාරම පාලම්පට්ටම් කුඩිරිප්පුව ගම්මානයේ රැඳී සිටියදී අලුයම 5.30 ට පමණ සැකකටයුතු ලෙසින් යතුරුපැදියකින් ආ අයෙක් ගෙනා පාර්සලයක් මහමඟ රැඳී සිටි අයෙකුට බාරදි පැමිණි වේගයෙන් ආපසු හැරී ගොස් ඇත. 

ඒ අතර එම පාර්සලය ගත් අය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ විට ඒ හෙරොයින් බව අනාවරණය කරගෙන ඇත.

පලාගිය සැකකරු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇත. උතුරු දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, මන්නාරම නියෝජ්‍ය පොලිස්පති කේ. එම්. ජයවීර, මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all