Photobucket

Monday, December 17, 2012

මුහුදේදී යාත්‍රාව පෙරළී දිවි ගලවා ගත් මිරිස්‌සේ ධීවරයෝ දෙදෙනා ත්‍රී'මලේ රෝහලේ

දිවි බේරා ගත් ධීවරයන් දෙදෙනා නාවික හමුදා යාත්‍රාවකින් ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමෙන් පසුව රෝහල වෙත යෑවීමට කටයුතු කළ ආකාරය.
 
 
මිරිස්‌ස ධීවර වරායෙන් මුහුදු ගොස්‌ මුහුදේදී යාත්‍රාව පෙරළී අනතුරට පත් ''කාවින්දි'' ධීවර යාත්‍රාවේ ධීවරයන් සිව් දෙනා අතරින් දිවිගලවා ගත් දෙදෙනා පෙරේදා (15) ත්‍රිකුණාමලය නාවික හමුදා ක`දවුරෙන් ගොඩ බිමට රැගෙන විත් ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණසූරිය මහතා පැවැසී ය.

පසුගිය ඔක්‌. 05 වැනදා මිරිස්‌ස ධීවර වරායෙන් මුහුදු ගිය ''කාවින්දි'' ධීවර යාත්‍රාව ගොඩබිම සමග තිබූ සන්නිවේදන සබ`දතාවන් ඉකුත් නොවැ.29 වැනදා හදිසියේ ඇනහිට තිබේ. එම යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 405 ක්‌ පමණ ඈත මුහුදේ පෙරළී පාවෙමින් තිබියදී පසුගිය 12 වැනිදා මුලින්ම හමුවී තිබුණේ කුඩාවැල්ලෙන් මුහුදු ගිය ''ආලෝක'' ධීවර යාත්‍රාවට ය.

දින ගණනාවක්‌ තිස්‌සේ නිරාහාරව ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවූ දිවි ගලවාගත් ධීවරයන් දෙදෙනා වන්නේ වැලිගම වල්ලිවල පදිංචි දෙදරු පියකු වන එල්. ඩබ්. පී. ජගත් ප්‍රියන්ත (34) නොහොත් රුවන්, සහ මිරිස්‌සේ පද්ංචි එල්. ඩී. සරත් කුමාර (33) නමැති දෙදරු පියෙකි.

ඔවුන් ගොඩ බිමට රැගෙන ඒම පිළිබ`දව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා මෙසේ පැවැසී ය.

''....දෙසැම්බර් 15 වැනිදා අලුයම 1.30 පමණ ඔවුන් දෙදෙනා රැගෙන එමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවෙන් අප ඔවුන් නාවික හමුදාවට අයත් ''සුරනිමල'' නාවික යාත්‍රාවට භාරගත්තා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සිට නාවික සැතපුම් 300 ක්‌ පමණ දුර යාත්‍රා කොට ත්‍රිකුණාමලයට රැගෙන ආවා. එසේ පැමිණි විගස ඔවුන් දෙදෙනා නාවික හමුදා රෝහලට ඇතුළත් කොට එහිදී මූලිsක ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන් දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කළා.

දිවිගලවාගත් ධීවරයන් දෙදෙනා ගොඩ බිමට පැමිණෙන අවස්‌ථාවේදී ඔවුන්ගේ ඥාතීහුද ත්‍රිකුණාමලය නාවික හමුදා ක`දවුරට ළ`ගාවී සිට පැමිණ සිටියහ.

මේ පිළිබ`දව අදහස්‌ දැක්‌වූ වැලිගම කප්පරතොට ධීවර රේඩියෝ පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයේ ස්‌ථාන භාර නිලධාරි අරුණ ජයවීර මහතා මෙසේ පැවසී ය.

''.... විපතට පත් මෙම ධීවර යාත්‍රාව කුඩාවැල්ලේ ''ආලෝක'' ධීවර යාත්‍රාවට පසුගිය 12 වැනිදා හමුවීමෙන් පසුව සති දෙකක්‌ තිස්‌සේ නිරාහාරව දුර්වලව සිටි මුහුදේදී යාත්‍රාව පෙරළී දිවි ගලවා ගත් මිරිස්‌සේ ධීවරයන් දෙදෙනාට ඔවුන් ඉතා කැපවීමෙන් සාත්තු සප්පායම් කොට තිබෙනවා.

ඊට නාවික සැතපුම් 93 ක්‌ ඈතින් ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ''නුවන් 11'' යාත්‍රාවේ ස්‌කීපර් සෙල්ලහේවා එම දිවි ගලවා ගත් ධීවරයකු වන රුවන්ගේ ඥාතියකු වනවා. පසුගිය 13 වැනිදා උදේ 7.40 ට පමණ ''නුවන් 11'' යාත්‍රාව එම ස්‌ථානයට ළඟාවීමෙන් පසුව ධීවරයන් දෙදෙනා එම යාත්‍රාවට නංවා ගෙන රැක බලා ගනිමින් නාවික හමුදාවට භාරදෙන තැන දක්‌වා රැගෙන විත් තිබෙනවා. එමෙන්ම ඔවුන් මෙසේ ගොඩබිමට ගෙන්වා ගැනීමට ධීවර අමාත්‍යාංශය ද නාවික හමුදාවද දැඩි කැපවීමකින් ක්‍රියා කළා..''
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all