Photobucket

Tuesday, December 25, 2012

ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය ජනතා අයිතියට

ජපාන – ශ්‍රී ලංකා 60වසරක මිත්‍රත්වය පිළිබිඹු කරමින් හෝමාගම මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමුවැනි බේස්බෝල් ක්‍රීඩාංගණය වන 'ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. 

ජපාන තානාපති නොබුහීතෝ හෝබෝ මහතා විසින් එවන ලැබූ පන්දුවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පහරක් එල්ල කරමින් නව ක්‍රීඩාංගණයේ විවෘත කිරීම සංකේතවත් කළ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‍ගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරු ද ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව ජපානයේ කනගාවා උසස් පාසලේ බේස්බෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බේස්බෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්විණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර, පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි, ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ යෝෂිත රාජපක්ෂ මහත්වරුන් ඇතුලුව ජපානයෙන් 200කට ආසන්න නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ‍.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all