ලොරියක
පටවා තිබූ උළු තොගයක් සිරුර මතට ඇද වැටී යුද හමුදා සෙබළෙක් මියගොස් තිබේ.
වව්නියාවේ,කනගරායන්කුලම් ප්‍රදේශයේදී මෙය සිදු වී ඇති අතර මියගොස් ඇත්තේ
දුනුරත්මල,හිරිවඩුන්න,කෑගල්ලේ පදිංචි සාමාන්‍ය සෙබළ පද්මකීර්ති ධර්මසිරි
(31) නැමැති එක්දරු පියෙකි.
ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ මෙම
සෙබළා, කනගරායන්කුලම් හී ඒ 09 මාර්ගය අසල බංකරයක රාජකාරියට
පැමිණ ඇත්තේ (23) සවස් වරුවේ ය.
බංකරය අසල විවේක ස්ථානයක තවත් සෙබළෙකු සමග රාත්‍රියේ නින්දට ගොස් ඇත. (24) අළුයම 4.15 ට පමණ උළු පටවා ගෙන පැමිණි ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන
ආරක්ෂක බංකරය ද කඩාගෙන ගොස් සෙබලුන්ගේ විවේක ස්ථානය අසල දී පෙරලී ඇති අතර
එහි තිබූ උළු තොගය නිදා සිටි සෙබලුන්ටගේ සිරුරු මතට පෙරලී තිබේ. සිද්ධිය වූ
ස්ථානයේදීම ධර්මසිරි නැමැති සෙබළා මියගිය අතර ප්‍රේමරත්න (21) නැමැති
සෙබළා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර සිටී. ආරක්ෂක බංකරයේ රාජකාරි
කරමින් සිටි සෙබළා ඉවතට පැන දිවි ගලවා ගෙන ඇත. ලොරියේ රියදුරාට නින්ද යාම
මෙම අනතුරට හේතුව බව පරීක්ෂණවලදී අනාවරණය වෙයි. කනගරායන්කුලම පොලිසිය
පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment