වසර
දෙදහසක් ඉක්මවූ කිතු උපත ලෝකයේ අස්සක් මුල්ලක් නෑර
උත්සවශ්‍රීයෙන් දෙසැම්බර් මස 25 දින පැවැත්වේ. එහෙත් කිතු උපතේ
ආරම්භය ක්ෂණයකින් සිදුවූවක් නොව කල්පාන්ත ගණනාවක්
පෙරුම්පුරා දේව වචනය ඉෂ්ඨ වීමකි.
දෙවියන් වහන්සේ නාතාන් දිවැසිවරයා මගින් දාවිත් රජුට දෙන ලද
පොරොන්දුව "දාවිත්ගේ පුත්‍රයා" යෑයි කියනු ලැබීමට හේතුවිය. මෙම
දිවැස්වැකිය සාමුවෙල්ගේ අනාගත වාක්‍යය තෙක් ආපසු යැමකි. (2
සාමුවෙල් 7.16)
පැරැණි ගිවිසුමත් අලුත් ගිවිසුමත් දෙකම එකට සම්බන්ධ කරන ස්නාවක ජුවාම්තුමා කිතුණ ඉතිහාසයේ විශිෂ්ටතර ලෙස, දෙවියන් වහන්සේ කෙරේ තම විශ්වාසයට සාක්ෂි දැරුවෙකි. "මුළු මිනිස් සංහතිය තුළ ජොහාන්ට වඩා උතුම් කෙනෙක් පහළ නොවීය (මතෙව් 11.11)

ජුවාම්තුමාගේ
පිළිතුර කෙසේද? ලොව ගලවා ගැනීමට පැමිණෙන ගැලවුම්කාර ඡේසුස්
වහන්සේගේ සඟල ගෙනයන වහලකු තරම්වත් තමන් වටින්නේ නැතැයි ජුවාම්
ප්‍රකාශ කළ සේක.
ජුවාම් ඔටු ලොම් වස්ත්‍රයක්ද ඇඳ ඉන වටා හම් පටියක්ද බැඳ මුළු ජෙරුසලමේද මුළු ජොර්දානයේද අවට ගම් නියම්වලද සලකුණක් වශයෙන් ජලයෙන් බෞතිස්ම කරමින් මතු පැමිණෙන්නට සිටින ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කළ සේක එය අනාගත ගැලවීම්දායක ආරංචිය විය (මතෙව් 3.5-6)
ස්නාවක ජුවාම්තුමා වැනි ශ්‍රේෂ්ඨ ආගමික දේශකයකු, තාපසයකු බිහිවීම අසීරු සිද්ධිය කැයි සිතීම නිවැරැදිය. ජුවාම්තුමා මෙසේ පවසා තිබේ. "මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. උන්වහන්සේගේ නැගීමත්, මගේ බැසීමත් සිදුවිය යුතුය. (ශු ජුවාම් 03(29-31) ජුවාම් කෙතරම් පරිත්යාගශීලිද, අවංකද, නිහතමානිද මතු පැමිණෙන්නට සිටින ඡේසුතුමන් තමන්ට වඩා ශ්‍රේෂ්ඨතම විය යුතු යෑයි ප්‍රකාශ කළ සේක.
මෙම උතුම් වූ අනාගත වැකිය වසර 2000 ක් ගෙවී ගියත් අදටද වලංගුය, වත්මන් නායකයෝ බලය හා තේජස ලැබීමත් ගරු බුහුමන් ලැබීමටත්, ප්‍රශංසා ලැබීමටත් උත්සුක වී සිටිති. ලෝකයේ කොයි රටත් අධ්‍යාත්මික සහජීවනය සහ සදාචාරය දිනෙන් දිනම පිරිහෙමින් පවතී. එකා මරා අනිකා බලයට පැමිණීම බොහෝ දේශපාලනඥයන්ගේ එකම අරමුණය. සාධාරණත්වය සහ මානුෂික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නෝද ඇත්තේ කිහිප දෙනෙක් පමණි.
මීට වසර 2000 කට පෙර සිදුවූ ආගමනයේ ධර්මතාවය සහ ජීවත්වීමේ සංහිඳියාව හා සාධාරණත්වය අද අප අතරින් දිනෙන් දින පහ වෙමින් පවතී. වෛරය, පළිගැනීම, අනිකා තලාපෙලා ඉදිරියට ඒම වත්මන් සමාජයේ දකින්නට ලැබෙන අනතුරුදායක සලකුණුය. අද සමාජයට කිතු තුමන්ගේ දෙවන ආගමනය අමතක වී සංකල්පයක් පමණක් බවට පත්වී ඇත. වසර 2000 කට පෙර කිතු උපතින් බලාපොරොත්තු වූ ආගමනයේ සහජීවනය අද කිතුනුවන් බෙදා ගන්නා ආකාරය කිතු දැක්මට පරස්පරය. ඡේසුතුමාගේ උපත සතුන් ලගින ස්ථානයක් තෝරාගනු ලැබුවේ එම දරු උපත මිනිස් ඇසින් බලන කල දුගී දුප්පත් ජනතා නියෝජනයක් සිහිගැන්වීමටය.
ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ ශුභාරංචිය දේවදූතයකු විසින් එෙŒරුන් තෝරාගෙන දැන්වූයේ ඇයි? එෙŒරු ජුදා සමාජය අනුව පහත් ජන සමූහයක් ලෙස සලකුණු ලැබූ අතර ඔවුන් පොදුවේ ගත්කල අන්ත දිළිඳු සමාජයක් නියෝජනය කර ඇත. ජුදා ජාතිකයන්ගේ ආගමික නීති අකුරටම පිළිපැදීමට අසීරු හා එදා ජුදා සමාජය එෙŒරුන් කොන්කර දමන ලද පිරිසක් වූ බව සැලකේ.
කිතු උපත සඳහා සමාජයේ පිළිගැනීමක් නොමැති සරල දිවිපෙවතක් ගෙනයන "එෙŒරා" තෝරා ගැනීම කිතු දිවි උපතේ ශුභාරංචිය පිළිගැනීමට වත්මන් ජනයාටද ආගමනයකට පෙර නිමිති මතක් කරදීමකි.
පුත්‍රයානන් වහන්aසේ දේව මිනිසකු වූ සේක. සුවිශේෂක ජුවාම්තුමා ඉතා පැහැදිලිව ඡේසුතුමාගේ උපත විදහා දක්වයි. (ජුවාම් 1.14) වචනය තෙම මිනිස් බව රැගෙන අප අතර වැඩ විසූ සේක.
ඡේසුතුමාගේ උපත මානව ඉතිහාසයට එක්වන්නේ "දෙවිඳුන් මිනිස් බව ගැනීම එතුමාණන් විමුක්තිදායකයාණන් හා ගැලවුම්කරුවන්ද වශයෙනි.
ගවඔරුව තුළ සකසන ලද දරුවා අහස පොළොව මවා වදාල සැබෑ දෙවියන් වහන්සේය. මෙතුමාණන් තුළ සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතාර්ථය නිර්මාණය කරන්නෝය.
ඡේසුතුමා ධනවත් වංශයක උපත ලැබුවා නම් මිනිසුන් එතුමාට සමීප වන්නට බිය වනු ඇත. එසේම එතුමා රෝමයේ ඉපදෙන්නට තෝරා ගත්තේ නම් ඡේසුස් වහන්සේ ලෞකික බලයෙන් සහ ශ්‍රේෂ්ඨත්වයෙන් ප්‍රයෝජන ගත්තේ තැයි මිනිසුන් පවසන්නට ඉඩ තිබිණි. මේ කිසිවක් සිදුවූයේ නැත. ජනතාව ප්‍රතික්ෂේප කරන ලද එෙŒර කුටියක ඡේසු උපත සිදුවූයේ දේව කැමැත්ත අනුව මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් මනුෂ්‍ය සංහතිය ගලවා ගැනීමටය.
ශුද්ධ වූ ජුවාම් තුමාගේ වචන වලින් කියතොත් එතුමා අප සමග වාසය කළේය. ග්‍රීක් බසින් මෙහි තේරුම වන්නේ "එතුමා අප අතර වාඩි ගසා ගත්තා" යනුවෙනි.
එතුමා දිළිඳුන් සමග මුළු ජීවිත කාලය තුළම ජීවත් වූ සේක. රෝගීන්ව සුව කළ සේක. උන්වහන්සේ වෙතට සැමට ළඟාවීමට නිදහස දුන් සේක එතුමා ධීවරයින් සමඟ එක ඔරුවේ නැගී ගමන් කළ සේක උන්වහන්සේ සැමට ඇහුම්කන් දුන් සේක එතුමා කාර්ය බහුල ජීවිත ක්‍රම වේදයක් තුළ ජීවත් වන්නට සිදුවූවත් මිනිසුන් අතර ජීවත් වූ සේක. කිතුතුමන් මනුකය ගත්තේ මිනිසුන් අතර ජීවත් වී ඔවුන් පාපයෙන් ගලවා ගැනීමටය.
අද නත්තල ආගමික උත්සවයක් බවට පත්වී අධ්‍යාත්මික ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වී මංගලශ්රීයක් ගෙන ඇත. කිතු උපත නව ජීවිතයක පළමු ආගමනය ලෙස අවිවාදයෙන් පිළිගත්තත් නත්තල මුළු ලොව පුරාම බාහිර ආටෝපයට මුල් තැන දුන් මංගල්‍යයක් වී ඇත. එය කිතු තුමන්ගේ පණිවුඩය හෝ පළමු ආගමනය සිහි කිරීමක් නොව අනාවබෝධයෙන් තවත් උත්සවශ්‍රීයෙන් නත්තලක් සැමරීමකි. නත්තලේ ප්‍රීතිය ජයශ්රීයෙන් බෙදාගත යුතු වුවත් අධ්‍යාත්මික අනුහස නොලැබූ නත්තලේ කිසිදු වටිනාකමක් නොමැත. එය තවත් ප්‍රීතිය ගෙන දෙන උත්සවයක් පමණි.
කිතු උපත මනුකය ගත් දෙවිකුමරුකුගේ උත්පත්තියයි. එම ආගමනය නැති බැරි, අසරණ දුගී දුප්පත් ජනයාගේ ගැලවීම්දායක ආරංචියේ උපතයි.
සුවිශේෂක ජුවාම්තුමා කිතු උපත ඉතා පැහැදිලිව අප අතරට ගෙන ආ සේක "වචනය තෙම මිනිස් බව රැගෙන අප අතරට වැඩවිසූ සේක" (ජුවාම් 1.14) මෙලෙස දෙවියන් වහන්සේ අපගේ විමුක්තිදායකයාණන්ද, ගැලවුම්කරුවාණන්ද වශයෙන් නත්තල් දින අප අතරට පැමිණ සේක. එතුමාණෝ මානව ඉතිහාසයට එක් වූ සේක" ධර්මයාණෝ මිනිස් බව ගෙන අප අතරට වැඩ විසූ සේක (ජුවාම් 1.14) එසේනම් කිතු උපත පළමු ආගමනය වන අතර නැති බැරි, අසරණ දුගී දුප්පත් බෙදී කැඩී ගිය ජනයාගේ ගැලවීම සඳහා වෙන්වූ දිනයක් විය යුතුය.
ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ නත්තල් ප්‍රාර්ථනාව මගේ සිහියට නැවතත් ගෙන එයි.
මගේ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහැලි නැතිවන දාය
මගේ නත්තල ඔබ සැනසෙන දාය

0 comments:
Post a Comment