ගාල්ල, මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේදී (24) උදෑසන කැස්බෑ බිත්තර
52ක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ. කැස්බෑ
බිත්තර තොගය සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව
තිබූ අතර, තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව ගාල්ල
මූලස්ථාන පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. ඒ. ඩී. එන්. ආර්. පද්මසිරි මහතාගේ උපදෙස් පරිදි
පොලිස් අධිකාරි යූ. එස්. බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දූෂණ මර්දන
ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. ජී. ආනන්ද, පොලිස් සැරයන් 58987
හසන්ත නිලධාරීහු මේ වැටලීමට සහභාගි වූහ.
0 comments:
Post a Comment