Photobucket

Wednesday, December 26, 2012

ජාතික කාය වර්ධන ශූරයා නාවික හමුදාවේ සුභාෂ්

ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය සංවිධානය කළ 65 වැනි ජාතික කාය වර්ධන ශූරතා තරගාවලිය පෙරේදා රාත්‍රී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර, එහිදී 2012 වසරේ ජාතික කාය වර්ධන ශූරයා ලෙස කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාෂ් සිරිවර්ධන සමත් විය.
 
බර පන්ති අටකින් යුතුව පැවැති මෙවර ජාතික කාය වර්ධන ශූරතා තරගාවලියේදී එම බර පන්ති අටේ ශූරයින් අතර පැවැති අවසන් වටයේදී තම දස්කම් දක්වමින් සුභාෂ් මෙවර ජාතික කාය වර්ධන ශූරයා බවට පත් විය.

තරගයේ දෙවැන්නා ලෙස නාවික හමුදාවේ චානක පීටර්ද, තෙවැන්නා ලෙස ගුවන් හමුදාවේ උදාර මෙන්ඩිස්ද මෙවර රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මෙම ජාතික ශූරතාවයක ප්‍රථම වරට පැවැති දක්ෂතම  මාංශපේශී වර්ධන ක්‍රීඩකයා තේරීමේ තරගයේදී ජාතික කාය වර්ධන ශූරයා වූ සුභාෂ් සිරිවර්ධන එම ශූරතා කුසලානයට හිමිකම් කීමට සමත් විය. බර පන්ති අනුව අවසන් වටයට සුදුසුකම් ලැබූ ජී. වසන්ත පීරිස්, බි.ජී. අමිල, එම්. ෆසීල්, පී.ටී.එම්.ජී. විජේකෝන්, සුභාෂ් සිරිවර්ධන, උදාර මෙන්ඩිස්, චානක පීටර් සහ වී.ආර්.පී. බස්නායක යන ක්‍රීඩකයින් අතර පැවැති තියුණු තරගයෙන් අනතුරුව නාවික හමුදාවේ සුභාෂ් සිරිවර්ධන 2012 ජාතික කාය වර්ධන ශූරයා බවට නම් කෙරිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all