Photobucket

Thursday, December 6, 2012

රටේ පුරවැසියකු ලෙස අගවිනිසුරුවරියටද නීතියේ ආරක්‍ෂාව හිමියි

නීලකන්දන් නීතිඥ සමාගමෙන් නිවේදනයක්‌
 
අගවිනිසුරුට ද රටේ පුරවැසියකු වශයෙන් නීතියේ ආරක්‍ෂාව ලැබීමට හිමිකම තිබෙන බව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වෙනුවෙන් නීතිමය උපදෙස්‌ ලබාදෙනු ලබන නීලකන්දන් සහ නීලකන්ධන් සමාගම නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ සිය සේවාදායිකාව වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගේ උපදෙස්‌ මත යෑයි ද එම සමාගම කියා සිටින අතර එහි මෙසේද වැඩිදුරටත් සඳහන් කර ඇත.

අප අපගේ සේවාදායිකාව වන ආචාර්ය ශිරාණි ඒ. බණ්‌ඩාරනායක මහත්මියගේ උපදෙස්‌ පිට ලියමු.

අපගේ සේවාදායිකාවට හුදෙක්‌ම අපහාස කිරීමේ අරමුණ ඇතිව, අපගේ සේවාදායිකාවගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සමහර පුවත්පත්වල හිතාමතාම පළකර ඇති පුවත්වලට අපගේ සේවාදායිකාවගේ අවධානය යොමු කරනු ලැබ තිබේ.

මෙම ලිපි සත්‍ය විකෘති කරමින් ද්වේශ සහගත ලෙස අපගේ සේවාදායිකාවගේ බැංකු ගිණුම් සහ වත්කම් ප්‍රකාශන සම්බන්ධයෙන් අසත්‍ය කරුණු හුවා දක්‌වයි.

මෙම ලිපි අපගේ සේවාදායිකාව පහත සඳහන් ලෙස එනම්,

(අ) එක්‌ එක්‌ විශේෂිත වර්ෂයක මාර්තු මස 31 දින වන විට ශූන්‍ය ඉතිරියක්‌ පෙන්නුම් කිරීම පිණිස සමහර ගිණුම් වලින් මුදල් ආපසු ලබා ගෙන ඇති බවත්,

(ආ) 2010 අප්‍රේල් මස 1 දින සිට 2011 මාර්තු 31 දින දක්‌වා වර්ෂය අතරතුරේදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 250 ක වන මුදලක්‌ අපගේ සේවාදායිකාවට ලැබී ඇතැයි අදහස්‌ කරන බව බැලූ බැල්මට හඟවයි.

මෙම ප්‍රකාශ දෙකම මුළුමනින්ම අසත්‍ය චෝදනා බව අපගේ සේවාදායිකාව ප්‍රථමයෙන්ම තරයේ ප්‍රකාශ කර සිටින්නීය.

ඇත්ත තත්ත්වය පහත පරිදි වේ, එනම්(-

(i) කෙටි කලකින් ඇයට මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්‌ථාව ඇති කෙටි කාලසීමාවල ආයෝජනය කළ හැකිවූ රජයේ භාණ්‌ඩාගාර බිල්පත්වල අපගේ සේවාදායිකාව මුදල් ආයෝජනය කර තිබුණි.

(ii) එකී භාණ්‌ඩාගාර බිල්පත්‍රයක්‌ මුදල් කර ගැනීමෙන් තවත් භාණ්‌ඩාගාර බිල්පත්‍රයක්‌ මිලට ගැනීම පිණිස බැංකුව විසින් විවෘත කරන ලද විශේෂ ගිණුමට මෙම මුදල බැර කරන ලදී. බැංකුවේ නොයෙක්‌ පාරිභෝගිකයන් වෙනුවෙන් අනුගමනය කරන සාමාන්‍ය සහ නිත්‍ය කාර්ය පරිපාටිය මෙය වෙයි.

(iii) කවර හෝ අවස්‌ථාවක මෙම මුදල් එක්‌ වරකට දිනකට හෝ දෙකකට වැඩි කාල සීමාවක්‌ ගිණුමේ තැන්පත්ව නොතිබුණි.

(iv) භාණ්‌ඩාගාර බිල්පත්වල තිබූ සියලුම ආයෝජන අපගේ සේවාදායිකාවගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ නිසිලෙස සහ යෝග්‍ය ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.

(v)සුළු පැහැදිලි කිරීමේ නිදර්ශනයක්‌ ප්‍රයෝජනවත් විය හැකිය.

A නැමැත්තාට දින හතක (7) භාණ්‌ඩාගාර බිල්පත්‍රයක රුපියල් 10,000/} තිබුණි නම්, දින හත (7) අවසානයේ එම රුපියල් 10,000/} එකතුව තිබූ පොලියත් සමඟ විශේෂ ගිණුමට බැර කරනු ලැබේ. හත්වැනි (7) දින, සම්පූර්ණ මුදල අලුත් භාණ්‌ඩාගාර බිල්පතක තවත් දින හතකට (7) නැවත ආයෝජනය කරනු ලැබේ. මෙම ක්‍රියා මාර්ගය නොකඩවා අවුරුද්දක කාල සීමාවකට කෙරීගෙන යනු ලැබේ. සියලු බැර සටහන් එකතු කළහොත්, එය රුපියල් 10,000/} Ý පොලිය Ü 52 දළ වශයෙන් රු.520,000/} කි. කෙසේ වුවද, සත්‍ය වශයෙන්ම A නමැත්තාට එකී ගිණුමේ තිබුණේ මුල් ආයෝජනය වූ රු.10,000/}Ý පොලිය යන මුදල පමණකි.

(vi) අපගේ සේවාදායිකාව සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් සිදුවී ඇත්තේ මෙයයි. කෙසේ වෙතත්, සමහර පුවත්පත් අසත්‍ය ලෙස සහ ද්වේශ සහගත ලෙස, අපගේ සේවාදායිකාවට මිලියන 252 ක්‌ තිබූ බවට වන හැඟීම ඇති කරවන ආකාරයට සියලු බැර සටහන් එකතු කර ඇත. මෙය මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කළ හැඟීමක්‌ දෙයි. ඇත්ත වශයෙන්ම කියතොත්, අපගේ සේවාදායිකාවට කිසිවිටෙක රුපියල් මිලියන 252 හෝ එකී මුදලට කෙසේවත් ආසන්න මුදලක්‌ නොතිබිණි.

(vii) අපගේ සේවාදායිකාවට තිබූ සෑම සතයක්‌ම අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ප්‍රකාශ කරනු ලැබ ඇත.

(viii) එසේම සේවාදායිකාව සතු ගිණුම් සම්බන්ධයෙන් සත්‍ය විකෘති කිරීම පිණිස එක්‌ එක්‌ වර්ෂයේ මාර්තු මස 31 වැනි දිනට පෙර ගිණුමෙන් මුදල් ආපසු ලබා නොගත් බව පැහැදිලිය. මුදල් සැමවිටම දිනක්‌ හෝ දෙකක්‌ හැරුණු විට, කල් පිරුණු දින සහ නැවත ආයෝජන කරන දින අතර, සියලු කාලවලදී රජයේ සුරැකුම්පත්වල තිබුණි. ඒ කාලය අතර තුරේදී එම මුදල් ඉහත සඳහන් කළ විශේෂ ජංගම ගිණුමේ තිබුණි.

(ix) අපගේ සේවාදායිකාව වෙනුවෙන් මිලට ගත් සියලු භාණ්‌ඩාගාර බිල්පත් නිසි ලෙස සහ නිවැරදි ඇයගේ වත්කම් ප්‍රකාශයෙහි ප්‍රකාශ කර තිබිණි.

(x) එසේම, ඇයගේ බැංකු ගිණුම් පිළිබඳ විස්‌තර සමහර පුවත්පත්වලට ලැබී තිබෙන්නේ කෙසේද යන්න අපගේ සේවාදායිකාව විස්‌මයට පත්ව සිටී.

(xi) ඇත්ත වශයෙන් එම තොරතුරු නීතිය ප්‍රකාර පුද්ගලික සහ රහස්‍ය තොරතුරු විය යුතව තිබියදී එම තොරතුරු දැන් ප්‍රසිද්ධියට පත්ව ඇති නිසා අපගේ සේවාදායිකාව බලවත් සේ කනස්‌සල්ලට පත්ව ඇත.

(xii) රටේ අගවිනිසුරුටද, පුරවැසියකු වශයෙන් රටේ නීතියේ ආරක්‍ෂාව ලැබීමට හිමිකම තිබෙන බව අප මෙහි සඳහන් කළ යුතුය.

(xiii) එසේම මෙම අභූත චෝදනා දොaෂාභියෝග ක්‍රියාවලිය තුළදී නගා ඇති අනෙක්‌ අභූත චෝදනා අතර හෝ චෝදනා වශයෙන් මතුකරනු ලැබ නැති බවත් අප අවධාරණයෙන් සඳහන් කළ යුතුය.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all